රුපියල් කෝටි පහක මත්පෙති අල්ලයි
රුපියල් කෝටි පහකට ආසන්න වටිනාකමකින් යුතු, මත් පෙති හාරලක්ෂ 23,000 ක් ,ප්‍රවාහනය කරමින් තිබූ ඩොල්පින් වර්ගයේ වෑන් රියක්,සැකකරුවෙකු ද සමගින් නොරොච්චෝල පොලිස් බළ ප්‍රදේශයට අයත් කරඹ පොලිස් මුර පොළේ දී 25 දින අලුයම නොරොච්චෝල පොලිසිය විසින් අත් අඩංගුවට ගත් බව නොරොච්චෝල පොලිසිය පවසයි.
කල්පිටියේ සිට කොළඹට ප්‍රවාහනය කරමින් තිබූ මත් පෙති පෙට්ටි නවයක සූක්ෂම ලෙස අසුරා තිබිණි. සැක කරු කල්පිටියේ පදිංචි 35 වයසැති අයෙකි.
නොරොච්චෝල පොලිස් විශේෂ කාර්යාංශයට ලද තොරතුරකට අනුව නොරොච්චෝල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධර්ම කුමාර මහතාගේ මෙහෙයවීමෙන් මෙම වැටලීම සිදු කර ඇත.නොරොච්චෝල පොලිසිය වැඩි දුර පරීක්ෂණ පවත්වයි.
popular news
-
Atul Rathnayake Sunday, 25 June 2023 10:23 AM
නිව්ස් නම් දකිනවා කෝටි 5, 10, 100, 250 මත්ද්‍රව්‍ය ඇල්ලුවා කියලා. නමුත් ඒවා විනාශ කරනවානම් දකින්නේ නෑ. මත්ද්‍රව්‍ය නාශක අංශයෙ සමහරු ඒවා විකුනනවා කියලා කසු කුසුවකුත් තියෙනවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

