අන්තර්ජාලය හරහා තරුණියන් සමග මිතුරු වී නිරුවත් ඡායාරූප ලබාගෙන ඒවා අන්තර්ජාලයට මුදාහරින බව බිය වද්දා මුදල් ලබා ගැනීමේ නිරත වූ 26 හැවිරිදි තරුණයෙක් අත්අඩංගුවට ගත් බව ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කොට්ඨාස මූලස්ථානය සඳහන් කරයි.
සැකකරු සතුව තිබූ ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථනය ද පොලිස් බාරයට ගෙන ඇත. අවිස්සාවේල්ල ප්‍රදේශයේ 21 හැවිරිදි තරුණියක් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කොට්ඨාස මූලස්ථානයේ නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර මහත්මිය හමුවී සිදු කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් සිදු කළ දීර්ඝ විමර්ශනවලින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
මීට සති දෙකකට පමණ ඉහතදී අන්තර්ජාලය හරහා තරුණයකු හඳුනාගත් බවත් ඔහුගේ ඉල්ලීම මත හමුවීම සඳහා ගිය අවස්ථා තුනකදී තමන්ව හෝටල් කාමර වලට රැගෙන ගොස් නිරුවත් ඡායාරූප ලබාගත් බවත් ඇය කරන ලද පැමිණිල්ලේ සඳහන් වේ.
අනතුරුව එම තරුණයා තමන්ව අමතමින් එම ඡායාරූප තමන්ට සමාජයට මුහුණ දිය නොහැකි ආකාරයෙන් අන්තර්ජාලයට යොමු කරන බවට බිය වද්දා ඔහු තමන්ගෙන් රුපියල් ලක්ෂ තුනක 3 ක පමණ මුදලක් වරින් වර ලබාගත් බවත් ඇය කළ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වන බව පොලිසිය කියයි.
නියෝජ්‍ය පොලිස්පතිවරියගේ උපදෙස් මත ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන්ති රේණුකා මහත්මිය විසින් සිදු කළ පරීක්ෂණවලදි සැකකරු ඇඹිලිපිටිය පදිංචි 26 තරුණයෙක් බවට හඳුනා ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන සැකකරු සන්තකයේ තිබූ ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී ඒ තුළ තරුණියන් රැසකගේ නිරුවත් ඡායාරූප අඩංගුව තිබූ බව විමර්ශන කරන පොලිස් නිළධාරියෙකු පැවසීය
මෙම සැකකරුගේ පහත් ක්‍රියාවට හසුවූ යම් තරුණියක් වෙතොත් නොපමාව පැමිණිල්ලේ කරන ලෙස පොලිසිය ඉල්ලා සිටී. සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.