බස් රථවල ගමන් කරන කාන්තාවන් සමග සුහද වී මත්වීමට මත් පෙත් ලබාදී කාන්තාවන් සතු රන් භාණ්ඩ සොරකම් කළ සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
කටුනායකට පොලීසියට ලද තොරතුරක් අනුව ඊයේ සවස් කාලයේදී වැටලීමක් සිදුකර මෙම දැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු සන්තකයේ තිබී මත් පෙති 4ක්, රන් මාලයක්, රන් මුදු 03ක් හා රන් අත්පළදනාවක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 53ක් වන රාජාංගනය පදිංචිකරුවෙකි.