සමෘද්ධිය හිමිව තිබී අස් වැසුම අහිමි වූ බවට නිකවැරටිය ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ විශාල පිරිසක් තමන්ට සාධාරණයක් සහනයක් ඉල්ලා 26 දා නිකවැරටිය ප්රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණි සිටියහ.
නිකවැරටිය ප්රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ග්රාම නිලධාරී වසම් 42 ක ජනයා අස්වැසුම ඉල්ලා, අභියාචනා ලිිපි භාරදීම සඳහා මෙලෙස පැමිණ සිටි අතර ජනතාව පාලනය කිරීම සඳහා ආරක්ෂක අංශ සහ නිලධාරීන් මහත් වෙහෙසක් දරමින් සිටින අයුරුද දක්නට ලැබුණි.
සමෘද්ධිය හිමිව තිබු තමන්ට අස්වැසුම අහිමිවීමෙන් තමන් දැඩි ලෙස අසරණව ඇති බවද තමන්ට සිදු වූ අසාධාරණය පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු කරණ ලෙසද බොහෝ පිරිසක් ආයාචනා කර සිටියහ.
