ලක්ෂ 15ක භාණ්ඩ සොරකම් කළ හිමිනමක් අත්අඩංගුවට
කටුගස්තොට පොලිස් වසමේ හල්ලොලුවසාරානාත් පිරිවෙන් විහාරස්ථානයේ තිබූ රුපියල්ලක්ෂ 15 කට අධික භාණ්ඩ තොගයක් සොරකම් කළ බව කියන එම පන්සලේම ගෝල හිමි නමක කටුගස්තොට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ .
එම පිරිවෙන් විහාරස්ථානයේ නායක හිමියන් වන පූජ්යහමන්ගොඩ සුමංගල හිමියන් විසින් පොලිසියට සිදුකරණ ලද පැමිණිල්ලකට අනුව අදාල ගෝල හිමිනම අත්අඩංගුවට ගෙන සිදු කළ ප්රශ්න කිරීම්වල දී එම භාණ්ඩ වලින් කොටසක් කටුගස්තොට පාරේ පූජා භාණ්ඩ අලෙවි සැලකට අලවි කොට තිබියදී සොයාගෙන ඇති අතර තවත් කොටසක් එම ගෝල හිමි නමගේ ඥාති නිවසක සඟවා තිබියදී අත්අඩංගුවට ගෙන තිබේ .
පොලිසිය විසින් සොයා ගත් භාණ්ඩ අතර සුදු යකඩ පාත්තර 50ක්, පිත්තල පහන් පිත්තල බන්දේසි, සිවුරු තොගයක්, පිරිවෙනේ ඉගැන්වීම් කටයුතු සඳහා උපයෝගී කරගන්නා බෆල් 24ක්, ශබ්ද පරිපාලන උපකරණ 05ක්, මීටර 200 වයර් රෝල් හතරක්, පිත්තල බුලත් තට්ටු ඇතුළු භාණ්ඩ තොගයක්සොයාගෙන තිබේ .
මෙම භාණ්ඩ තොගයෙන් කොටසක් මිලදී ගත්කටුගස්තොට පාරේ අදාළ පූජා භාණ්ඩඅලෙවි සැලේ පුද්ගලයන්ට එරෙහිව කිසිදු නීතියක් ක්රියාත්මක නොවීම සම්බන්ධයෙන් ප්රදේශවාසීන්ගේ විශ්මයට හේතු වී තිබේ .
කටුගස්තොට පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක ආර්. සි. රාජපක්ෂ මහතාගේ අධීක්ෂණය යටතේ වැඩිදුර විමර්ශන සිදු කෙරේ.
popular news
-
Kumar Monday, 26 June 2023 04:15 PM
oyawagey cheewaradhariyekuge hatharawarigetama sasarin etharawenna puluwandha?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

