saravita-anim2

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

Latest News - timelapse 4257 hours ago

LATEST

රෂීඩ් T20කඩුළු 500යි

calendar_today 2023 ජන 24 - 11:22 remove_red_eye - 445  

ඇෆ්ගනිස්ථාන සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක රෂීඩ් ඛාන් සිට විස්සයි විස්ස දිවියේ කඩුළු 500 සීමාවට පැමිණීමට සමත්විය.

කොළඹ ගුවන් ගමන් තොරතුරු කලාපයට ඉහළින් සිදුකරන ජාත්‍යන්තර ගුවන් ගමන් වෙනුවෙන් අයකරන ගාස්තු ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

පසුගිය වසර තුළ ඇවිදින මංතීරු ව්‍යාපෘති 25ක් ඉදිකර අවසන් කෙරුණු බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පවසයි. නාගරික සංවර්ධන අධිකාරිය විසින් මෙම මංතීරු ඉදිකර තිබේ.

Read More

යක්කල පොලිස් බල ප්‍රදේශයට අයත් ඉඹුල්ගොඩ වෙළඳසල් කිහිපයකට ඇතුලුවී හිස් ගෑස් සිලින්ඩර් සොරා ගැනීම් සම්බන්ධයෙන් පුද්ගලයින් සිව් දෙනෙකු සමග සොරාගත් සිලින්ඩර් 66 ක් අත් අඩංගුවට ගත් බව යක්කල පොලිස් අපරාධ විමර්ශන අංශය පවසයි.

Read More

පෘතුගාල පාපන්දු තරගයක් අතරතුරදී පාපන්දු ක්‍රීඩාවේ විනිසුරුවන් විසින් භාවිතා කරන රතු හා කහ කාඩ්පත් වලට අමතරව සුදු කාඩ්පතක් පෙන්වීම පිළිබඳ මාධ්‍යයන්හි දැඩි අවධානයට ලක්වී ඇත.

Read More

පුනරින් පොලිස් වසමේ මන්නාරම - යාපනය මාර්ගයේ මුක්කම්පන් ප්‍ර දේශයේදි මාර්ගය හරහා ගමන් කළ ළමයෙකු ගිලන් රථයක ගැටී සිදුවූ අනතුරකින් ළමයා ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.

Read More

බත්තුළු ඔයේ ආරක්ෂීත පැති බැමි කඩාගෙන ගොස් බත්තුළු ඔයට අද (24දා) අලුයම ඇද වැටුන ඉන්ධන බවුසරයක් මීටර් 100 ක පමන දුරකට ගසා ගෙන ගොස් දුම්රිය මාර්ගයෙ පාලමේ සිරවි නැවති ඇති බව මුන්දලම පොලිසිය පවස

Read More

2022 දෙසැම්බර් මාසයේදී ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය සියයට 59.2ක් දක්වා පහළ බැස ඇති බව ජන ලේඛණ හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙයි.

Read More

සමාගම් සහ සමිති ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් පත්‍රය සඳහා කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය හිමි විය.

Read More

නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවේ රැදී සිටිමින්, කොළඹ නගරයේ පවත්වා ගෙන යමින් තිබෙන සම්භාහන ආයතන ( Spa ) 06 ක සේවය කළ තායිලන්ත ජාතික කාන්තාවන් 15 දෙනෙකු ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සිදු කළ වැටලීම් වලදී අත්අඩංගුවට ගෙන මෙරටින් පිටුවහල් කරන තෙක් වැලිසර රැදවුම් මධ්‍යස්ථානයේ රදවා තැබීමට පියවර ගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සාමාජිකයන් දෙදෙනෙකුට තර්ජනය කිරීමේ චෝදනා යටතේ විදුලිය භාවිත කිරී‍මේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා හා සමගි එක්සත් වෘත්තීය සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා කොල්ලුපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

රටේ පවතින ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගෙන අත්‍යාවශ්‍ය ඖෂධ මිලදී ගැනීම, රාජ්‍ය සේවක වැටුප් ගෙවීම, වී මිලදී ගැනීම ඇතුළු අත්‍යාවශ්‍ය කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පසුගිය වසරේදී ලැබූ මෙහෙයුම් අතිරික්තයෙන් මෙම මුදල ලබා දී තිබේ.

Read More

කුකුළු මස් හා බිත්තර නිෂ්පාදන කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් සියලු පාර්ශ්වයන් සාමූහික එකඟතාවකට පැමිණීමේ අවශ්‍යතාව අවධාරණය කෙරේ.

Read More

මින් පෙර කතිරය ගසා සිදු කළ වැරැද්ද මාර්තු 09 වැනිදාට කතිරයෙන්ම නිවැරදි කරන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.

Read More

ජපානයේ විශාල වයෝවෘද්ධ ජනගහනයක් සමග අරගල කරන අතර, ශීඝ්‍රයෙන් පහත වැටෙන උපත් අනුපාතිකයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රම බලකාය ඉක්මනින් හිස් වෙමින්, සමාජ සුබසාධන වියදම් ඉහළ යමින් පවතී.

Read More

විදේශීය ශ්‍රම වෙළඳපොළ වෙත ගුණාත්මක ශ්‍රමිකයින් ලබාදීම අරමුණුකොටගෙන ශ්‍රමිකයින් පුහුණු කිරීමේ ඒකාබද්ධ සැලැස්මක් සකස්කිරීම පිළිබඳ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ අනු කමිටුවේදී අවධානය යොමු විය.

Read More

බිත්තර ආනයනය කිරීම සඳහා අවසර ඉල්ලමින් ඉදිරිපත් වූ ලිපි දෙකක් රජයේ වාණිජ හා නීතිගත සංස්ථාව මගින් පසුගිය 11 දින ලැබුණ බවත් ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීම මගින් රෝග බෝවීමේ අවදානම අඩු බවට කමිටු නිර්දේශ ලැබුනහොත් බිත්තර ආනයනය කිරීමට හැකියාව තිබෙන බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය පවසයි.

Read More

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂිකව ප්‍රකාශයට පත්කරන (ICC) වසරේ පිරිමි සහ කාන්තා විස්සයි20 කණ්ඩායම් වලට ශ්‍රී ලංකා ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රිඩක වනිඳු හසරංග හා වමතින් දඟ පන්දු යවන ඉනෝකා රණවීර නම්ව තිබේ.

Read More

මග්ගොන කුඩාව ධීවර වරායේ ගාල්කර තිබූ එක්දින ධීවර යාත්‍රාවකට අද (23දා) පස්වරුවේ කිසියම් පිරිසක් හෝ පුද්ගලයෙකු විසින් ගිනිතබා ඇතැයි පයාගල පොලිසිය පවසයි.

Read More

ලිට්‍රෝ ගෑස් මිල පෙබරවාරි මාසයේ මුල් සතියේදී ඉහළ දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගමේ ආරංචි මාර්ග වාර්තා කරයි. එම මිල ඉහළ දැමීම රුපියල් 500කට ආසන්න මුදලකින් සිදුවනු ඇතැයිද වාර්තා විය.

Read More

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ බලය ජනපතිවරයාට මාර්තු මාසයේදි ලැබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.එල්. පීරිස් මහතා පැවැසීය.

Read More

කොළඹ කොටස් වෙළඳපොළ ගනුදෙනු දිනය අවසානයේදී කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කළේය.

Read More

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ රැස්වීමක් එළඹෙන අනිද්දා (25) පෙරවරු 9.30ට පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.

Read More

මේ වන විට සමාජ මාධ්‍ය ජාල හරහා වේගයෙන් හුවමාරු වෙමින් පවතින මතභේදාත්මක වීඩියෝව සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන හවුස් ඔෆ් පැෂන් ආයතනය පවසන්නේ ඒ හරහා අපහසුතාවට පත්වූ සියලු පාර්ශ්වයන්ගෙන් සමාගම සමාව ඉල්ලා සිටන බවයි.

Read More

රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව සහ ඖෂධ හිඟයට පිළියම් සලසා දෙන ලෙස ඉල්ලා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අද (23දා) කලු පටි පැළඳ රාජකාරි සඳහා වාර්තාකර තිබුණි.

Read More

රාජ්‍ය අංශයේ සේවකයන්ගේ වැටුප් ප්‍රමාදයකින් තොරව සාමාන්‍ය පරිදි ලබන 25 වැනිදා ලබාදෙන බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවැසීය. විධායක නිලධාරීන්ගේ වැටුප් ද එදිනම හෝ දිනක ප්‍රමාදයකින් ගෙවන බව ඔහු පැවසීය. වැටුප් සඳහා අවශ්‍ය මුදලින් මේ වන විට රු. බිලියන 79ක් සොයාගෙන ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.

Read More

විදුලි ජනන කටයුතු වෙනුවෙන් කැලණිතිස්ස බලාගාරයට අවශ්‍ය නැප්තා ලැබීමත් සමගින් එම බලාගාරයෙන් විදුලි ජනන කටයුතු යළි ආරම්භ කර තිබේ.

Read More

රජයේ බදු ප්‍රතිපත්තියට විරෝධය දක්වමින් වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය සංවිධානය කළ විරෝධතාවයක් කොළඹ වරාය ප්‍රධාන පිවිසුම අසලදී අද (23) පැවැත්විණි.

Read More

පාසල් පෙළපොත් නිසි කල සිසුන්වෙත ලබාදීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 2023 වර්ෂයේ නව පාසල් වාරය සඳහා ‍පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නොමිලේ පෙළපොත් ලබාදීමට අදාළ ප්‍රසම්පාදන කටයුතු සිදු කර එම පෙළපොත්වලින් 45%ක් මුද්‍රණය සඳහා රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවට ද, 55%ක් පෞද්ගලික මුද්‍රණ ආයතනවලට ද ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත. ඒ අනුව සුදුසුකම් ලැබූ පෞද්ගලික මුද්‍රණ ආයතන 22කට මේ වනවිට මුද්‍රණ ඇණවුම් බාර දී ගිවිසුම්

Read More

පුත්තලම - වාන මාර්ගයෙ ව්‍යාපාරික ස්ථානයක් තුළ මරණයට පත්ව සිටි ව්‍යාපාරිකයාගෙ මරණයට හේතුව තියුණු ආයුධයකින් ගෙල ප්‍රදේශයට සිදුවු කැපිමකින් අධික ලෙස රුධිර වහනය වීමක් බව පුත්තලම සහකාර අධිකරණ වෛද්‍ය නිළධාරි කුලෙන්ද්‍රනාත් ප්‍රේමදාස මහතා අද (22දා) නිගමනය කර තිබුණි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.