saravita-anim2

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 325 hours ago

LATEST

පාස්පෝට් කන්තෝරුවෙන් දැනුම් දීමක්

calendar_today 2025 ජුනි 29 - 07:25 remove_red_eye - 549  

බත්තරමුල්ලේ පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන් එක්දින හා සාමාන්‍ය සේවාව යටතේ ගමන් බලපත්‍ර ලබා ගැනීමට අදාළව ටෝකන් පත් නිකුත් කිරීම පෙරවරු 6.30 සිට පස්වරු 2.00 දක්වා සිදුකරන බව එම දෙපාර්තමේන්තුව පවසයි.

ගාල්ලට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශය තුල 2025 ජුනි මස 27 වැනි දින අනතුරට පත් ධීවර යාත්‍රාව සම්බන්ධව තොරතුරු ලද වහාම, නාවික හමුදාව ගුවන් හමුදාව හා එක්ව, එම මුහුදු ප්‍රදේශය ආවරණය වන පරිදි විශේෂ සෙවීම් හා මුදාගැනීමේ මෙහෙයුමක් ආරම්භ කෙරිණි.

Read More

මේ වසරේ අප්‍රේල් හා මැයි මාසවලදී මුහුදේ සිට ගොඩබිමට ගෙන ඒමට උත්සාහ දරන ලද මත්ද්‍රව්‍ය වටලා අත්අඩංගුවට ගැනීම් 4කදී හෙරොයින් කිලෝ 542ක් හා අයිස් කිලෝ 1216ක් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සමත්ව තිබේ.

Read More

නිවාස ඉදිකිරීම් ව්‍යාපෘතියක ශ්‍රමදාන වැඩසටහනකදී අද 28 දින වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් ඇමති සමන්ත විද්‍යාරත්න මහතා මේසන් හැන්ද හා මනිස් ලෑල්ල අතට ගෙන බිත්ති බැදීමේ නිරත විය.

Read More

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම ඉනිමකින් හා ලකුණු 78කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති දෙවැනි ටෙස්ට් තරගය ජය ගැනීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

Read More

මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත් වීමේ වීසා (Re-entry visa) සහිතව මෙරටට පැමිණ සිටින අයවලුන්ගේ Re-entry වීසා හී වලංගු කාලය 2025.07.31 දින දක්වා දීර්ඝ කිරීමට එරට ජනගහන හා සංක්‍රමණ අධිකාරිය (PIBA) තීරණය කර ඇත.

Read More

එයාර් ඉන්දියා ගුවන් අනතුරට අදාළව සොයා ගනු ලැබූ කළු පෙට්ටියේ පටිගත කිරීමේ දත්ත සොයා ගැනීමට හැකි වූ බව ඉන්දීය සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය තහවුරු කර ඇති අතර එය විමර්ශනයේ ප්‍රධාන පියවරක් සනිටුහන් කරයි.

Read More

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර කොළඹ එස්.එස්.සී. පිටියේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනයට තරගය නිමා කරන විට බංග්ලාදේශ කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා කඩුලු 6ක් දැවී ලකුණු 115ක් රැස්කරගෙන සිටියි.

Read More

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමගින් පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය සඳහා 16 දෙනෙකුගෙන් යුත් එක්දින සංචිතය ප්‍රකාශයට පත්කර තිබේ. චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් එම සංචිතයට නවක ක්‍ර‍ිඩකයන් ‍ ලෙස නිශාන් මධුෂ්ක, ඒෂාන් මාලිංග යන ක්‍රීඩකයන් එක්ව තිබේ. කෙසේ වෙතත් මෙම සංචිතයේදී හිටපු නායක දසුන් ශානකට අවස්ථාවක් ලැබී නොමැත.

Read More

(UPDATE) ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා, අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ 2025 මැයි 19 දිනැති අංක 2437/04 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද සහ 2025 ජුනි 17 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදුව කාරක සභාවට යොමු කරන ලද රෙගුලාසි සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සාකච්ඡා වූ අතර, එම රෙගුලාසි සඳහා මෙහිදී අනුමතිය හිමි විය.

Read More

ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා අවශ්‍ය බඩඉරිගු ගබඩා කිරීමේ පහසුකම් ඇති කිරීම මෙන්ම, බියර් සහ සත්ව ආහාර නිෂ්පාදන සඳහා සහල් හෝ කැඩුණු සහල් හෝ විකල්ප අමුද්‍රව්‍ය ආනයනය කිරීම පිළිබඳව ද මෙහිදී කතිකාවට බඳුන් කෙරිණි.

Read More

2017 දී ජපානය පුද්ගලයින් නව දෙනෙකු ඝාතනය කළ පුද්ගලයෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ජපානය කටයුතු කර තිබේ. 2022 න් පසුව ජපානය පළමු වරට මරණ දඩුවම ක්‍රියාත්මක කළ පළමු අවස්ථාව මෙය වෙයි.

Read More

ඊශ්‍රායල් රාජ්‍යයේ ඉදිකිරීම් ක්ෂේත්‍රය යටතේ ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ උප ක්ෂේත්‍රයට අදාළව රැකියා සඳහා සුදුසුකම් ලත් ශ්‍රමිකයින් ලියාපදිංචිය අද දින සිට (27) ජූලි මස 01 දින දක්වා ආරම්භ කිරිමට තීරණය කර තිබුණද එය නොවැලක්විය හැකි හේතුවක් මත තාවකාලිකව අත්හිටුවිමට තීරණය කර ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කරයි.

Read More

’’මෙම සිදුවීම අනාගතයේදී ද නැවත නැවතත් සිදුවිය හැකි අතර, ඕනෑම ප්‍රහාරයක් සිදු වුවහොත්, සතුරාට සහ ආක්‍රමණිකයාට සිදුවන හානිය නිසැකවම ඉතා ඉහළ වනු ඇත.’’

Read More

කොළඹ වරාය පොලිස් වසමේ කෘත්‍රීම වෙරළ තීරයේ මුහුදේ පිහිනමින් සිටිපුද්ගලයෙකු ඊයේ (26දා) අතුරුදහන් වී ඇති බවට කොළඹ වරාය පොලිස් ස්ථානයට ලද පැමිනිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත. අතුරුදහන් වූ පුද්ගලයා වයස අවුරුදු 24 ක් වන අස්ගිරිය, ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Read More

උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර සහ ඇල්ල දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට අද (27) අලුයම විශාල පයිනස් ගස් කීපයක් කඩා වැටීමෙන් බදුල්ල කොළඹ දුම්රිය ධාවනය ට බාධා සිදුව ඇතයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .

Read More

රටට අවශ්‍ය කරන සීමාව ඉක්මවා කොවිඩ් එන්නත් මිලදී ගැනීම හා වැඩි මිලට එන්නත් මිලදී ගැනීම පිළිබඳව කඩිනමින් පරීක්ෂණයක් සිදුකරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලා සිටින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සමිති සඳහය සඳහන් කරයි.

Read More

රුහුණු මහ කතරගම වාර්ෂික පෙරහර මංගල්‍යයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 1050ක් යෙදවීමට කටයුතු කර තිබේ.

Read More

බන්ධනාගාර මාණ්ඩලික නිලධාරීන් 16 දෙනෙකු උදෙසා එළඹෙන ජූලි මස 2 වෙනිදින සිට ක්‍රියාත්මක වන පරිදි වැඩ බලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා විසින් ස්ථාන මාරුවීම් ලබාදී ඇත.

Read More

චීනයේ කුංමිං සහ ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපොළ අතර නව භාණ්ඩ ප්‍රවාහන ගුවන් සේවයක් ආරම්භ කරමින් එහි ප්‍රථම මංගල ගුවන් යානය 06/26 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණුනි.

Read More

තාක්ෂණික සේවාස්ථ පුහුණුලාභීන් (TITP) ලෙස ජපානය බලා යාමට නියමිත ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 16 දෙනෙකු වෙත ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම, ඊයේ දින (2025.06.25) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයේදී සිදුකරන ලදී.

Read More

සෑම රටකම සෑම ජාතියකම අන්තවාදීව කටයුතු කරන සුළු පිරිසක් සිටින බවත් මෙරට බහුතර පිරිස් සියලු ජාතීන් සමග සාමකාමී සහජීවනයෙන් ජීවත්වෙන බව මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නා හිමියෝ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ තානාපති වෝල්කර් ර්ටර්ක් මහතා හමුවේ පැවසූහ.

Read More

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට රජයේ රුපියල් ලක්ෂ 369 ක පුද්ගල ආදායම් බදු ගෙවීම පැහැර හැරියේ යැයි කියන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතාට නිකුත්කර තිබූ වරෙන්තුව ආපසු කැඳවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (26) නියෝග කළේය.

Read More

පොල්ගොල්ල දේවපාලි විද්‍යාලයේ දරුවන් පිරිසකට ආහාර විෂ වීම හේතුවෙන් අද (26) පොල්ගොල්ල ප‍්‍රාථමික රෝහලට ඇතුළත් කර ඇති අතර එයින් දරුවන් අට දෙනකු කුරණෑගල ශික්ෂණ රෝහලට මාරු කර එවා ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

ඊශ්‍රායල් රාජ්‍යයේ ඉදිකිරීම් ක්ෂේත්‍රය යටතේ ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ උප ක්ෂේත්‍රයට අදාළව රැකියා සඳහා සුදුසුකම් ලත් ශ්‍රමිකයින් ලියාපදිංචි කරගැනීමට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර සීමිත පන්දුවාර තරගාවලියක් අගෝස්තු මස අවසානයේදී සිම්බාබ්වේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිතය.

Read More

අත්අඩංගුවට ගත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා ලබන 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

Read More

බූස්ස බන්ධනාගාරයේ ගෙලවැලලාගෙන සිටියදී රෝහල්ගත කළ රැඳවියා ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

SS Helios නමැති ජර්මානු නෞකාව කොළඹ වරායට පැමිණි අවස්ථාවේදී, විදුලි පහනකින් නිකුත් වූ ආලෝකය ප්‍රථම වතාවට ශ්‍රී ලාංකිකයින්ට දැක ගැනීමට හැකි වූ දිනය වන 1882 ජුනි මස 26 දිනය සැලකිල්ලට ගෙන, සෑම වසරකම ජුනි මස 26 දින “ජාතික බලශක්ති දිනය” ලෙස ප්‍රකාශයට පත් කිරීමට තීරණය කරනු ලැබ ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.