saravita-anim2

2026 අප්‍රේල් මස 06 වන සඳුදා

2026 අප්‍රේල් මස 06 වන සඳුදා

Latest News - timelapse 455 hours ago

LATEST

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ජනපති හමුවෙයි

calendar_today 2025 දෙසැ 23 - 11:56 remove_red_eye - 123  

මෙරට සංචාරයක නිරත ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා අද (23දා) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාව හමුවී තිබේ.

කැළණිය රාජමහා විහාරස්ථානයේ වාර්ෂික දුරුු මහා උත්සවයට සමගාමීව හෙලේනා බාලිකා විද්‍යාලයේ පෙරහර හේතුවෙන් මාර්ග කිහිපයක වාහන ගමනය සීමා කරන බව පොලිස් මූලස්ථානය පවසයි.

Read More

පෙ.ව 9.30 කොළඹ කොටුව සිට මිරිගම දක්වා ධාවනයවූ සීඝ්‍රගාමී දුම්රිය කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතරදී පීලි පැනීමකට ලක්වී ඇත. මේහේතුවෙන් දුම්රිය ප්‍රමාද වීම්හෝ දුම්රිය අවලංගුවීම් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්ථමේනතුව පවසයි.

Read More

අපදාවෙන් හානිවූ වි ඇතුළු සියලු බෝග වගාවන් සඳහා පළමු වාරිකය ලෙස ගොවින්ට ලබාදිමට රජය විසින් කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවට මිලියන 3000 ක් ( බිලියන 3 ) ලබා දුන් බවත් සෙනසුරාදා වන විට ඉන් මිලියන 90 ක් පමණ ගෙවා තිබූ බවත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලිව්. ඒ. ආර්. ටී. වික්‍රමාරච්චි මහතා පැවසිය.

Read More

ආපදා තත්ත්වය හේතුවෙන් මෙරට මහාවාරි පද්ධතිය යටතේ වගාකරණු ලැබු කුඹුරු අක්කර ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් හානියට පත්වු බවත් ඉන් අක්කර 25000කට ආසන්න ප්‍රමාණයක් මෙම කන්නයේ දි නැවත අස්වැද්දිම සදහා ඇළ ඇමුණු අලුත්වැඩියාකොට ජලය ලබාදිමට කටයුතු කර ඇති බැව් වාරිමාර්ග අධ්‍යක්‍ෂ (ජලවිද්‍යා සහ ආපදා කළමණාකරණ), ඉංජිනේරු එල්. ඒ. එස්. සූරියබණ්ඩාර මහතා පවසයි.

Read More

ප්‍රවීණ කලාසූරී සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. අසනීප තත්ත්වයක් හේතුවෙන් පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී ඒ මහතා මෙලෙස අභාවප්‍රාප්ත වී ඇති අතර මිය යන විට 84 වැනි වියේ පසුවිය.

Read More

චීනයේ යුනාන් විශ්වවිද්‍යාලයේ විදේශ භාෂා පාසලේ ශ්‍රී ලංකා අධ්‍යයන අංශයේ කථිකාචාර්ය සුගත් රත්නායක මහතාට යුනාන් පළාත් රජය විදේශිකයෙකුට පිරිනමන ඉහළම සම්මානය පිරිනමා ඇත.

Read More

ඌව හා නැහෙනහිර පළාත්වලත් මාතලේ, නුවරඑළිය, පොලොන්නරුව හා හම්බන්හතාට දිස්ත්‍රික්කවලත් අද දිනයේදි වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

Read More

ඇල්ල පොලිස් වසමේදී කුලී රථ (Pick Me, Uber) රියදුරෙකුට පහරදීමට තැත්කර ඔහුගේ කාර් රථයට පහරදී අනර්ථය සිදු කිරීම සම්බන්ධයෙන් හා මෙම සේවය සපයන රියදුරු කාන්තාවක් හට පහරදී මුදල් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇල්ල පොලිස් ස්ථානයට පැමිණිලි දෙකක් ලැබී තිබුණි.

Read More

මාතර බන්ධනාගාර තාප්පයට ඉහළින් තහනම් භාණ්ඩ සහිත පාර්සලයක් විසි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බන්ධනාගාර නියාමකවරයකු අත්අඩංගුවට ගත් බව මාතර පොලිසිය පවසයි.

Read More

ජාතික ජන බලවේගයට බලය හිමි කොළඹ මහ නගර සභාවේ 2026 අයවැය අද (22) පරාජයට පත්විය. අයවැයට විපක්ෂව ඡන්ද 60ක් හිමිවූ අතර අයවැයට පක්ෂව හිමිව තිබුණේ ඡන්ද 57ක් පමණි.

Read More

නොවැම්බර් මස අග දී ශ්‍රී ලංකාවට බලපෑ දිත්වා සුළි කුණාටුව හේතුවේ ගොඩනැගිලි සහ අන්තර්ගතයන්, කෘෂිකර්මාන්තය සහ තීරණාත්මක යටිතල පහසුකම් සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 4.1 ක සෘජු භෞතික හානියක් සිදු කර ඇති බව ලෝක බැංකු සමූහයේ ගෝලීය වේගවත් පශ්චාත් ආපදා හානි ඇස්තමේන්තු (GRADE)වාර්තාව පවසයි. අද නිකුත් කළ මෙම වාර්තාවේ දැක්වෙන්නේ මෙම පාඩුව ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 4 කට පමණ සමාන වන බවයි .

Read More

පර්යේෂණ සහ සංවර්ධන වාණිජකරණ ජාතික ප්‍රවේශය (NIRDC) යටතේ මේ වසරේ පළමු මාස 03 තුළ ඉදිරිපත් කළ යෝජනා අතරින් තෝරාගත් ව්‍යාපෘති 09ක් සඳහා මූල්‍ය ප්‍රතිපාදන පිරිනැමීමට අදාළ සහතික පත් පිළිගැන්වීම සහ ඊට අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම අද (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරිණි.

Read More

2025 ජනවාරි සිට නොවැම්බර් දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඩොලර් බිලියන 15,776ක් බව අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරි මංගල විජේසිංහ මහතා පවසයි.

Read More

ඉන්දීය විදේශ කටයුතු පිළිබද අමාත්‍ය ආචාර්ය එස්.ජයශංකර් මහතා දෙදින නිල සංචාරයක් සදහා 12/22 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .

Read More

මෙරට සෞඛ්‍ය ක්ෂ‍ේත්‍රයේ සෑම අංශයක්ම විශ්ලේෂණය කර බැලීමේ දී ‌රෝහල් ගතවන රෝගීන්ගෙන් සැලකියයුතු ප්‍රමාණයක් ඔවුන් රෝහල් ගතවීමට ඍජුවම දුම්කොළ සහ මත්ද්‍රව්‍ය හේතුකාරක වී ඇති අතර ඒ හේතුවෙන් මෙරට රජයේ රොහල්වල ඇදන් ධාරිතාවයෙන් විශාල ප්‍රමාණයක් මේසදහා වැයකර තිබෙන බව ද පැවසීය.

Read More

දිත්වා සුළි කුණාටුව හේතුවෙන් හානියට පත්වූ උතුරු දුම්රිය මාර්ගය මේ වන විට සම්පූර්ණයෙන්ම යළි ප්‍රතිසංස්කරණය කර තිබේ. ඒ අනුව කොළඹ කොටුවේ සිට කන්කසන්තුරය දක්වා දුම්රිය ධාවනය ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Read More

දිත්වා සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් පසුගිය නොවැම්බර් මස 27 වනදා අළුයම වත්තේගම දුම්රිය ස්ථානයේ නතර වූ මාතලේ සිට කොළඹ දක්වා ධාවනය වූ දුම්රිය දින 26 ක් තිස්සේ එම දුම්රිය ස්ථානයේ සිර වී තිබේ. මහනුවර දෙසට ගමන් කරන දුම්රිය මාර්ගය මෙන්ම මාතලේ දෙසට ගමන් කරන දුම්රිය මාර්ගයද දැඩි ලෙස ආපදාවට ලක්ව තිබීම නිසා මෙම දුම්රිය කිසිදු පැත්තකට ගෙනයා නොහැකි තත්වයේ පවතී. කෙසේ නමුත් දුම්රිය සාමාන්‍ය තත්වයෙන් පවතින බවත් දිනපතා පණ ගන්වා දෙපැත්තට සුළු දුරක් ධාවනය

Read More

අධ්‍යයන කටයුතු තාවකාලිකව නතර කර තිබූ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පීඨ 05 ක අධ්‍යයන කටයුතු යලි දෙසැම්බර් 29 වැනිදා සහ ජනවාරි 05 වැනිදා වනවිට යළි ආරම්භ කිරීමට සැලසුම් කොට තිබෙනවා.

Read More

ආපදා තත්ත්වයෙන් විවිධ ලෙස පීඩාවට පත්වූ ප්‍රදේශ ගනනාවක ජනතාවට නිවාස පිරිසිදු කිරීම සඳහා රජය විසින් ලබා දීමට යෝජනා කළ රු.25,000 ක දීමනාව මහව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හිතෝකඩවල ග්‍රාම නිලධාරී වසමේ පවුල් 15 ක් ප්‍රතික්ෂේප කර ඇතැයි මහව ප්‍රාදේශීය ලේකම් නදුන් ආර්.සම්පත් මහතා සදහන් කළේය.‎

Read More

හෙට දිනයේදී ඌව හා නැහෙනහිර පළාත්වලත් මාතලේ, නුවරඑළිය, පොලොන්නරුව හා හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි

Read More

Gov Pay යෙදවුම මගින් රථවාහන දඩමුදල් ගෙවීමේ නැගෙනහිර පළාත් ව්‍යාපෘතිය හෙට (23දා) ආරම්භ කිරීම අම්පාර හා මඩකලපුව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සහභාගිත්වයෙන් ආරම්භ වන බව පොලිස් මූලස්ථානය කියයි.

Read More

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර සමග ඇති වූ පහරදීමේ සිද්ධියට අදාළ පොලිස් කොස්තාපල්වරයා ඇඹිලිපිටිය කොට්ඨාස අපරාධ අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

තමාගේ අට හැවිරිදි දියණියට අවස්ථා තුනකදි බරපතල ලිංගික අපයෝජයක් සිදු කරණ ලද විත්තිකාර පියෙකුට ගාල්ල මහාධිකරණ විනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය එක් චෝදනාවකට බරපතල වැඩ සහිත වසර 15 බැගින් වසර 45 ක සිර දඩුවම්ද රුපියල් දස දහසක දඩයක් සහ වින්දිත දැරියට රුපියල් ලක්ෂ පහක වන්දියක් ගෙවීමටද නියම කළාය.

Read More

රුසියාවේ මොස්කව් හී පිපිරීමක් සිදුව තිබේ.

Read More

දිත්වා්වාලි කුණාටුවෙන් පසු හැටන් දික්ඔය නගර සභා සීමාවේ නගර සභාවේ සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනයේ නිර්දේශ නොමැතිව ඉදි කරන සියලුම ඉදි කිරිම් කටයුතු වහාම නතර කරන ලෙසට ජනතාව ශබ්ද විකාශන යන්ත්‍ර යොදාගෙන දැනුවත් කිරිමට හැටන් දික්ඔය නගර සභාවේ සභාපති අසෝක කරුණාරත්න මහතා පියවර ගෙන ඇත.

Read More

ඉන්දීය විදේශ කටයුතු ඇමැති සුබ්‍රමණියම් ජයශංකර් මහතා අද (22) මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.

Read More

බහරේන් සිට ගුවන් මගින් රිවොල් අවියකට සමාන සෙල්ලම් පිස්තෝලයක් රැගෙන ඒමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව ගුවන්තොටුපළ පොලිසිය පවසයි.

Read More

අම්බලන්ගොඩ ගාලු පාරේ පුද්ගලික ගෘහ උපකරණ අලෙවිසැළක අද(22)උදේ සිදුවූ වෙඩි තැබීමකින් එහි කළමණාකරු ජීවිතක්ෂයට පත්වූ බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.

Read More

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහත වැටීම නිසා, පසුගිය මාස 15 තුල ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රමාණය රු. බිලියන 703 කින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.