ඉරාන නාවිකයන් 84ගේ මරණ පරික්ෂණ අරඹයි
අනතුරට ලක් වූ ඉරාන නෞකාවේ සිටියදී මිය ගිය නාවිකයින් 84 දෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ: කටයුතු අද (05) පස්වරුවේදී ආරම්භ කළ බැව් කරාපිටිය ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
මියගිය නාව්කයින්ගේ මුලික මහෙස්ත්‍රාත් පරික්ෂණය ගාල්ල මහෙස්ත්‍රාත් සමිර දොඩංගොඩ මහතා විසින් අද
කරාපිටිය ජාතික රෝහලේ දී පවත්වනු ලැබීය..විශේෂඥ අධිකරණ අධිකරණ වෛද්‍ය නිලධාරී මහාචාර්ය අජිත් රත්නවීර.විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී මහාචාර්ය යු.සි..පි.පෙරේරා.යන මහත්වරුන්ගේ සහ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීනි ජානකී වර්ෂා හැන්නදි මහත්මියගෙන් සමන්විත අධිකරණ වෛද්‍ය කණ්ඩායමක් විසින් මියගිය නාවිකයන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීම ආරම්භ කරනු ලැබීය.
ගාල්ල වරාය පොලිසියේ ස්ථානාධිපතිවරයා විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙි සම්බන්දයෙන් පශ්චාත් මහෙස්ත්‍රාත් මරණ පරික්ෂනයක් පවත්වන ලෙසට කරන ලැබු ඉල්ලිමට අනුව මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය පවත්වනු ලැබීය.
මියගිය නාවිකයින් අසූ හතර දෙනකුගේ මළ සිරුරු ඊයේ රාත්‍රී ගාල්ල ජාතික රෝහලේ මෘත ශරීරාගාරය වෙත රැගෙන විත් තිබුණි.මළසිරුරු බහාලිම සදහා අධිශීතකරණ දෙකක් අද පස්වරුවේ කොළඹින් රැගෙන ඒමට නියමිතව තිබුණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
