සති දෙකක් ඇතුළත ඉරාකවට පහර නොදුන්නේ නම්, ඔවුන් සතුව න්‍යෂ්ටික අවියක් තිබෙන්නට හැකියාවක් තිබුණ බව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. මැදපෙරදිග යුදමය තත්ත්වය සම්බන්ධයෙන් ධවල මන්දිරයේ ,පැවැති වටමේස සාකච්ඡාවක් අමතමින් ඔහු මේ බව පැවැසිය. " උන්මන්තක මිනිස්සුන්ට න්‍යෂ්ටික අවි තිබෙන විට නරක දේවල් සිදුවෙනවා." යැයි ඔහු පැවැසිය.
"ඉරානය න්‍යෂ්ටික බෝම්බයක් ගොඩනඟන බවට කිසිදු සාක්ෂියක් නොමැති වුවද, එහි ආසන්න අවි ශ්‍රේණියේ පොහොසත් යුරේනියම් විශාල තොගය සහ මගේ පරීක්ෂකවරුන්ට සම්පූර්ණ ප්‍රවේශය ලබා දීම ප්‍රතික්ෂේප කිරීම බරපතල කනස්සල්ලට හේතු වුණා" ඔහු පැවසීය.