ජනපති දැඩි මානසික ආතතියක
"අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමන්ට මතක් කරන්නේ ඔබට තියෙන නොහැකියාව, ඔබට අත්දැකීම් නොමැති නිසා රට ඇතුලේ වරද්දවාගත්තට කමක් නෑ ,ලෝකය තුළ රට වරද්දවාගන්න එපා.ඒ නිසා කරුණාකරලා හිටපු ජනාධිපතිවරු කැඳවන්න. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඉන්නවා, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඉන්නවා, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඉන්නවා, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය ඉන්නවා.
කරුණාකරලා මේ ජනාධිපතිවරු 04 දෙනා තමන් ලඟට ගෙන්නවා ගෙන හෝ වෙනත් පොදු ස්ථානයක එකතු වෙලා වර්ථමාන ජනාධිපතිතුමායි. ජනාධිපතිවරු 05 දෙනා එකතු වෙලා, අනෙක් දේශපාලඥයෝ පැත්තකින් තියන්න. ජනාධිපතිවරු 05 දෙනා එකතු වෙලා මාතෘ භූමියේ සුරක්ෂිතභාවය වෙනුවෙන් කටයුතු කරන්න ඕන වෙලාවක්. ජනාධිපතිතුමාට අපි මතක් කරනවා තනියෙන් ඔබතුමාට මේ වැඩේ කරන්න බෑ, ඔබතුමා ෆේල් අපි දන්නවා" යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු අනුරාධපුර දිස්ත්‍රික් නායක තිස්ස කුට්ටිආරච්චි මහතා පැවසීය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ, අනුරාධපුර එප්පාවල, ඇඳගල ප්‍රදේශයේ මාවතවැව කොට්ඨාශයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු කොට්ඨාශ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.
"දැනට තියෙන තත්වය දරුණුයි, ලෝක යුධමය තත්වයකට ඇදී යන මොහොතේ, අපේ වගේ පුංචි රටක්, මේක හුණ්ඩුවක් කියලා තමයි ජනාධිපතිතුමන් නම් කිව්වේ, ඉන්දියන් සාගරයේ මුතු ඇටය එයා දැන් හුණ්ඩුව කරලා තියෙන්නේ. මේ හැම දේම කණපිට හරවාගෙන යන්නේ. අපි මේ වෙලාවේ ඉතාම බුද්ධිමත්ව කටයුතු කරන්න ඕන මොහොතක්, කට්ටකමෙන් වැඩ කරන්න ඕන මේ වෙලාවේ.
ටේ රාජ්‍යය ආරක්ෂාව පිළිබඳව බංකුවක් අරන් එන්න උගන්වන්නම් කියපු අයට මුල්ම දේ තමයි රටේ රාජ්‍යය ආරක්ෂාව තහවුරු කර ගන්න බැරි වුණා, ඒ වගේම ලෝකයේ මේ වගේ තත්වයක් ඇති වෙලා තියෙන අවස්ථාවක හැසිරෙන්න ඕන විදිහට නෙමෙයි මේ කණ්ඩායම හැසිරෙන්නේ.මේ සම්බන්ධව මටත් වඩා ඉතාම හොඳට නාමල් රාජපක්ෂ මැතිතුමා කණ්ඩායමක් ගෙන්නවලා ඒ කණ්ඩායමත් එක්ක ඊයේ ඉඳලා සාකච්ජා කරමින් කටයුතු කරගෙන යනවා පක්ෂයක් විදිහට වගකීමෙන් ඒ වගේම මහින්ද රාජපක්ෂ මැතිතුමා ජාත්‍යන්තරය හොඳටම ජයගත්ත ජනාධිපතිවරයෙක්, එතුමාත් ඊයේ හවස ඉඳන් මාතෘ භූමියට යම් ප්‍රශ්නයක් ඇති වෙන්න යනවා නම් මේ වෙලාවේ ජනාධිපති අනුර කුමාර දිසානායකද, වෙන කෙනෙක්ද කියන කාරණාව නෙමෙයි අපිට වැදගත් වෙන්නේ, මේ වෙලාවේ වැදගත් වෙන්නේ මාතෘ භූමියේ සුරක්ෂිතභාවය සහ මේ යුදමය තත්වයේදී එක පැත්තක්වත් ගන්න පුලුවන් ශක්තිවන්ත රටක් නෙමෙයි අපි, ඒ නිසා අපිට තියෙන්නේ ඉතාම උපක්රමශීලීව කටයුතු කිරීම.
මේක පුංචි ප්‍රශ්නයක් නෙමෙයි, රාජ්‍යය ආරක්ෂාව ගැන උගන්වන්න බංකුවක් අරන් එන්න කියපු කණ්ඩායම අද ලඟට ඇවිත්, අපේ මුහුදු සීමාවට අයත් ප්‍රදේශයේදී තවත් රටක නැවකට, තවත් රටකින් පහර දෙන තත්වයක් ඇති වෙලා තියෙනවා.ඊළඟට තවත් ඇති වෙලා තියෙන ප්‍රශ්නයක් ඒ නැවේ හිටපු කණ්ඩායම බේරා ගැනීම ඇමරිකාව මොන විදිහට දකීද, ඊට ප්‍රථිවිරුද්ධ රටවල් මොන විදිහට දකීද කියන තැනටත් පත් වෙලා තියෙනවා.ඒ නිසා මේක සාමාන්‍යය සරලව ගන්න ඕන කාරණාවක් නෙමෙයි.මේක ඉතා දැඩි මේ රටේ සුරක්ෂිතභාවය පිළිබඳව වගකීමෙන් වැඩ කරන්න ඕන වෙලාවක් මේක.ඒක මේ ආණ්ඩුවෙන් වෙයිදෝ කියන සැකය තමයි අපිට තියෙන්නේ. ජනාධිපතිතුමන්ට මේ සම්බන්ධව වැටහීමක් නෑ, රාජ්‍යය ආරක්ෂාව සම්බන්ධ ලේකම්වරයාට වැටහීමක් නෑ, රාජ්‍යය ආරක්ෂාවට සම්බන්ධ ඇමතිවරයාට හා රාජ්‍යය අමාත්‍යයවරයාට මේ සම්බන්ධව වැටහීමක් නෑ.
අග්රඅමාත්යයවරිය ප්රමුඛ ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට වගකීමක් නෑ මාධ්‍ය වලට ඇවිත් කරන ප්‍රකාශ වලින් අපිට පේනවා. සමහරුන්ට මේක සෙල්ලමක්.අපේ රට ඇතුලේ යුද්ධයක් තියෙන වෙලාවේත් මීට වැඩිය වගකීමෙන් සුරක්ෂිතභාවයෙන් අපි කටයුතු කලේ, මේක ලෝක යුධමය තත්වයකට යන වෙලාවක්.ඒ නිසා කරුණාකරලා අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමන්ට මතක් කරන්නේ ඔබට තියෙන නොහැකියාව, ඔබට අත්දැකීම් නොමැති නිසා රට ඇතුලේ වරද්දවාගත්තට කමක් නෑ ,ලෝකය තුළ රට වරද්දවාගන්න එපා.
අතිගරු ජනාධිපතිතුමනි මොකක් හරි වුණාම රෙදි හෝදන්න පාර්ලිමේන්තුවට ඇවිල්ලා මොනවා හරි කථාවක් කියලා තමන්ගේ කණ්ඩායමේ රෙදි හෝදන පුද්ගලයා නෙමෙයි ඔබතුමා, එහෙම හෝද හෝද ඉඳලා අන්තිමට පාර්ලිමේන්තුවට ඇවිල්ලා අපේ රට හුණ්ඩුවක් කරාම ඔබතුමා ගැන තිබුණ පුංචි විශ්වාසයත් නැති වෙලා තියෙනවා.ඒ නිසා කරුණාකරලා හිටපු ජනාධිපතිවරුත් එක්ක එකතු වෙලා මේ රට බේරලා දෙන්න. අපිට තියෙන ප්රශ්නය ඒක.
ඉස්සර යුද්ධයේ නම් කුරුම් බැට්ටියක් කොළඹට ඇවිල්ලා ජනාධිපති මන්දිරය, පාර්ලිමේන්තුව උඩින් ගියේ ප්රභාකරන්ගේ කුරුම්බැට්ටියක් , අද කිලෝ මීටර දහස් ගණනක් ඈත ඉඳලා රටකට ඇටෑක් කරන්න පුලුවන්, ඒක තමයි තාක්ෂණය.ඒ නිසා අපේ රට ගැන හොයන්නවත් හිතන්නවත් නෑ, තරහා වුණා නම් ඇමරිකාව හෝ ඒ ආශ්රිත රටක් එක තැනක එක ස්විච් එකයි ඔබන්න ඕන මුලු රටම ඉවරයි. එවැනි තත්වයක් තියෙන වෙලාවේ මීට වැඩිය වගකීමෙන් සුරක්ෂිතව කටයුතු කරන්න කියන ඉල්ලීම පුරවැසියෙක් විදිහට, මේ අහිංසක ජනතාව පිරි වරාගෙන වැඳලා ඔබතුමන්ගෙන් ඉල්ලා සිටිනවා.
ඒ වගේම රටේ ජනතාවට මතක් කරන්න ඕන වර්ථමාන ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ගිහිල්ලා කරන කථා ගැන ලොකුවට හිතන්න අවශ්‍ය නෑ.එතුමා දැඩි මානසික ආතතියක ඉන්නේ.ඒ නිසා අපිට භයක් තියෙනවා එතුමාගේ දැඩි මානසික ආතතිය නිසා ගන්නා වූ තීන්දු තීරණ නිවැරදිද කියලා අද වන විට අපිට ප්‍රශ්නයක් තියෙනවා.
ඒක පලපුරුද්ද, කළපුරුද්ද නැතිකම නිසා අනුර කුමාර ජනාධිපතිවරයාට ඇති වෙලා තියෙන තත්වයක්, ඒ නිසා මේ ජනාධිපතිවරයා දැන් හැසිරෙන විදිහත් කථා කරන විදිහත් තුල ඒ දැඩි මානසික ආතතිය නිසා අපේ රටට හිතකර තීන්දු තීරණ ගනීවිදෝ කියන සැකයත් රටේ ජනතාවට ඇවිත් තියෙනවා.ඒ නිසා ඔබතුමන්ට තනියෙන් දැන් තීන්දු ගන්න පුලුවන් මානසිකත්වයක නෙමෙයි ඔබතුමා ඉන්නේ ඒ නිසා කරුණාකරලා සාමුහිකව කථා කරලා රට වෙනුවෙන් තීන්දු ගමු, අපි ඕන වෙලාවක මාතෘ භූමිය වෙනුවෙන් අපිට එන්න කියන්න අපි
ඕන වෙලාවක ඕන තැනකට ඇවිල්ලා , මේ රටේ ජනතාවත් එක්ක දේශපාලනය කරන පොලවේ පයගහලා ඉන්න දේශපාලඥයෝ විදිහට මාතෘ භූමියට, රටට, ජාතියට, ආගමට, සංස්කෘතියට ආදරය කරන පුරවැසියෝ විදිහට අපි ඔබතුමන්ට රට බේරා ගන්න ඕනම සහයෝගයක් කොන්දේසි විරහිතව ලබා දෙන්න සූදානම් කියලා මතක් කරනවා."
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
