ශ්‍රී ලංකාවට ඔබ්බෙන් වූ මුහුදේදී ඇමෙරිකාව විසින් පහරදි විනාශ කළ ඉරාන නෞකාවේ සිටි පුද්ගලයින් 84 දෙනෙකුගේ මළ සිරුරු ගාල්ල කරාජිටිය ජාතික රෝහලේ මෘත ශරිරාගාරය වෙත ඊයේ (04) රාත්‍රි රැගෙන එනු ලැබු බව රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
මළ සිරුරු රැගෙන ඒම සදහා අවශ්‍ය බෑග් කරාපිටිය වෛද්‍ය පිඨයේ අධිකරණ වෛද්‍ය අංශය මගින් නාවික හමුදාව වෙත ලබා දි තිබුණි.
රෝහලේ මෘත ශරිරාගාරය වෙත රැගෙන එනු ලැබු මළ සිරුරු වලින් කොටසක් මෘත ශරිරාගාරයේ තැන්පත්කිරිමට කටයුතු කළ බවත් ඉතිරි මළ සිරුරු අයිස්කැට අතුරා තැන්පත් කිරිමට කටයුතු කළ බවද අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.