ලංකා මුහුදු තීරයට ඔබ්බෙන් ගමන් කරමින් තිබියදී අනතුරට පත්වූ ඉරාන නාවික හමුදාවට අයත් නෞකාවේ සිටි පුද්ගලයන් 32ක් බේරාගැනීමට හැකිවූ බව නාවික හමදාව පවසයි.
ඒම නෞකාවේ සිටි පුද්ගලය් බේරා ගැනීමට නාවික හමුදාව, ගුවන් හමුදාව හා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව ජාත්‍යන්තරව ඇති බැඳීීම් අනුව කටයුතු කරමින් සිටින බවද නාවික හමුදාව පවසයි.
මෙම නෞකා අනතුර සම්බන්ධයෙන් අද අලුයම පණිවිඩයක් ලැබි තිබුණ බවත් ඉන් අනතුරුව නාවික හමුදාව මුදවා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කළ බවත් නාවික හමුදාව පවසයි.
බේරාගත් පුද්ගලයන් කරාපීටිය රෝහලට වැඩිදුර ප්‍රතිකාර සඳහා යොමුකර ඇති බවද නාවික හමුදාව පවසයි. ඒම සිදුවීම සිදුවූ ස්ථානය ආසන්නයේ මළ සිරුරු කිහිපයක් සොයාගත් බවද නාවික හමුදාව පවසයි.