දික්ඔය මුලික රෝහලේ මෘත ශරීරාගාරයේදි කාන්තා සිරුරක් අපයෝජනය කරලා
දික්ඔය මුලික රෝහලේ මෘත ශරීරාගාරයේ පස්චාත් මරණ පරික්ෂනය සදහා තැම්පත් කර තිබූ කාන්තා සිරුරක් රෝහල් සේවකයින් තිදෙනෙකු ඉකුත් (23) දින අපයෝජනය කළේයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රෝහලේ ත්‍රිපුද්ගල කමිටුව විසින් සිදු කරන විමර්ෂන කටයුතු සම්බන්ධයෙන් සැහීමකට පත් විය නොහැකි බව ලංකා කම්කරු කොංග්‍රසය (04) දින හැටන් නගරයේදි මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසීය.
ලංකා කම්කරු කොංග්‍රසයේ උප සභාපති කනපති කනගරාජ් මහතා සහ හැටන් දික්ඔය නගර සභාවේ උප සභාපති (ලංකා කම්කරු කොංග්‍රසයේ) පෙරුමාල් සුරේන්ද්‍රන් යන මහතුන් මෙම මාධ්‍ය හමුවට එක් වී සිටියහ.
මෙම මාධ්‍ය හමුවේදි අදහස් දැක්වු පෙරුමාල් සුරේන්ද්‍රන් මහතා කියා සිටියේ, එම සැකකරුවන් තිදෙනා එදින අවස්ථා දෙකකදි එදින රාත්‍රී මෘත ශරීරාගාරයට ගිය බවට සාක්ෂි ලැබී ඇති බවයි.
ඉන් එක් අවස්ථාවක් රාත්‍රී 9:00-10:00ත් අතර කාලයේදි ගොස් ඇති බවත්, එහි දි එම සැකකරුවන් තිදෙනා විනාඩි කිහිපයක් මෘත ශරිරාගාරය තුලට ගොස් ආපසු පැමිණෙන දර්ශන පමණක් පදනම් කරගෙන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ෂණ කටයුතු සිදු කරන ත්‍රිපුද්ගල කමිටුව සිදු කරන බවත්, එම විමර්ෂණ කටයුතු සිදු කරනු ලබන්නේ රෝහල් සේවකයින් තිදෙනා රැක ගැනීමට බවයි පෙරුමාල් සුරේන්ද්‍රන් මහතා කියා සිටියේ.
එම සේවකයින් තිදෙනා යලිත් (24) දින අලුයම 1:00ට පමණ මෘත ශරීරාගාරය වෙත ගොස් පැයකට ආසන්න කාලයක් විවිධ ඉරියව් වලින් එහි රැදී සිට මෘත ශරීරාගාරයතුල හැසිරෙන ආකාරය මෘත ශරීරාගාරයේ සවි කර ඇති ආරක්ෂිත කැමරා දර්ශනවල සටහන් වී ඇති බවත්, එම දර්ශන රෝහල් කාර්යමණ්ඩලයේ මෙම සිද්ධියට විරෝධය දක්වන සේවකයින් විසින් දැක ඇති බවට තමන් වෙත තොරතුරු ලබා දී ඇති බවයි උප සභාපති (ලංකා කම්කරු කොංග්‍රසයේ) පෙරුමාල් සුරේන්ද්‍රන් මහතා කියා සිටියේ.
රෝහලේ CCTV කැමරා දර්ශන ස්වංක්‍රීයව මැකී යාමට ප්‍රථම සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ මට්ටමින් විමර්ෂණයක් සිදු කල යුතු බවයි පෙරුමාල් සුරේන්ද්‍රන් මහතා කියා සිටියේ.
මෙම මාධ්‍ය හමුවට එක් වු ලංකා කම්කරු කොංග්‍රසයේ උප සභාපති කනපති කනගරාජ් මහතා කියා සිටියේ, මෙය සාමාන්‍ය සිදුවිමක් ලෙස සැලකිය නොහැකි බවත්, සමස්ත වතුකරයේ ජනතාවටම බලපාන ගැටළුවක් නිසා මෙම සිද්ධියට සාධාරණ විසදුමක් ලැබෙන තෙක් සිද්ධිය සම්බන්ධයෙන් අඛණ්ඩව උද්ගෝෂණ සිදු කරන බවයි කනපති කනගරාජ් මහතා කියා සිටියේ.
තවද, රෝහල් පරිපාලනයේ පවතින අවිධිමත් සහ දුර්වල පාලනය හමුවේ මෙවැනි සිදුවීම් දික්ඔය මුලික රොහ්ල තුල සිදු වි ඇති බවත්, මෙය පළමුවන සිදු විම නොවන බවත්, මෙවැනි සිදු විම් ගණනාවක් රෝහල තුල සිදු වී ඇති බවට තමන් වෙත තොරතුරු ලැබී ඇති බවත්, එම සිද්ධින් රෝහලේ පාලන අධිකාරිය මගින් වසන් කර ඇති බවද බවයි කනපති කනගරාජ් මහතා වැඩි දුරටත් පැවසිය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
