saravita-anim2

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 337 hours ago

LATEST

ශ්‍රී ලංකාව සිම්බාබ්බේ තරග සංචාරයකට

calendar_today 2025 ජුනි 26 - 17:12 remove_red_eye - 575  

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර සීමිත පන්දුවාර තරගාවලියක් අගෝස්තු මස අවසානයේදී සිම්බාබ්වේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිතය.

අත්අඩංගුවට ගත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා ලබන 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

Read More

බූස්ස බන්ධනාගාරයේ ගෙලවැලලාගෙන සිටියදී රෝහල්ගත කළ රැඳවියා ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

SS Helios නමැති ජර්මානු නෞකාව කොළඹ වරායට පැමිණි අවස්ථාවේදී, විදුලි පහනකින් නිකුත් වූ ආලෝකය ප්‍රථම වතාවට ශ්‍රී ලාංකිකයින්ට දැක ගැනීමට හැකි වූ දිනය වන 1882 ජුනි මස 26 දිනය සැලකිල්ලට ගෙන, සෑම වසරකම ජුනි මස 26 දින “ජාතික බලශක්ති දිනය” ලෙස ප්‍රකාශයට පත් කිරීමට තීරණය කරනු ලැබ ඇත.

Read More

සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහි දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ශතකයක් ලබා ගැනීමට පැතුම් නිස්සංක මීට සුළු මො​හොතකට පෙර සමත් විය.

Read More

මගේ වයස අවුරුදු 61 යි.මම තවමත් ඉරිදා පත්තර වල මංගල යෝජනා බලනවා.බොහෝ මංගල යෝජනා තියෙන්නේ අපගේ රූමත් දියණිය වෛද්‍යවරයෙකු ඉංජිනේරුවරයෙකු ව්‍යාපාරිකයෙකු සොයාදෙන ලෙසයි.නමුත් රූමත් දියණියට ගොවි මහතෙකු සොයන කිසිම මංගල යෝජනාව දකින්නට නැහැ. හේතුව ගොවියෙකු සමඟ ජීවත්වීමට නොහැකි බවට තියෙන විශ්වාසය නිසයි.අපේ වගකීම තමයි රූමත් දියණියට ගොවි මහතෙකු සොයන තත්වයකට කෘෂිකර්ම ව්‍යාපාර වැඩිදියුණු කිරීම.දියුණු රට වල ගොවියෙක් කීවොත් ලොකු වටිනාකමක් තියෙනවා.එම තත්වයට අපේ රට

Read More

රුහුණු සංචාරක කාර්යංශය විසින් දේශිය හා විදේශිය සංචාරකයින්ට තොරතුරු සැපයිම සදහා රුපියල් විසිහතරලක්ෂ, අසුඅටදහස්, නමසිය පනස් හතරක මුදලක් (2,488,954) වැයකොට ස්වයංක්‍රිය යන්ත්‍ර හා කුටි ස්ථාපිතකොට තිබුනද කිසිදු සංචාරකයකු විසින් මෙම යන්ත්‍ර භාවිතා නොකිරිම නිසා මේ සදහා වැයකොට ඇති මුදල නිෂ්කාර්ය වියදමක් බවට පත්ව ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.

Read More

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 67 වන මාණ්ඩලික ප්‍රධානි වශයෙන් ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායට අයත් මේජර් ජෙනරාල් කපිල දොළගේ මහතා පත් කර තිබේ.

Read More

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා අද (26දා) කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කරනු ලැබිණි.

Read More

ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂය යේ 2025 ජුනි නවතම සංස්කරණයට ශ්‍රී ලංකාවේ භාවිත වන වචන කිහිපයක් එක්කර තිබ‍ෙ

Read More

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අත්අඩංගුවට පත්ව තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ සිට ඊශ්‍රායලයට යාමට අපේක්ෂා කරන පිරිසට තම ගමන් වාරය සඳහා ගුවන් ටිකට්පත් ලබා ගැනීමට තව දින ගණනාවක් ගතවනු ඇති බව ඊශ්‍රා යෙලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා කියයි. ඊශ්‍රා යෙලයේ නවතම තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

Read More

හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ලබන 07 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

Read More

මහනුවර යාපනය ඒ නවය මාර්ගයේ ගල්කුලම ඉන්ධන පිරවුම්හල ආසන්නයේදී ඊයේ (25දා) රාත්‍රී නාඳුනන තුවක්කුකරුවෙකු සිදු කල වෙඩි තැබීමකින් යතුරු පැදියක ගමන් කල පුද්ගලයකු බරපතල තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවත්, වෙඩික්කරු විසින් තුවාලකරු පැමිණි යතුරු පැදිය රැගෙන පලා ගොස් ඇති බවද තිරප්පනේ පොලිසිය පවසයි.

Read More

සංචාර බංග්ලාදේශ කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 247කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් මීට සුළු මොහොතකට පෙර සමත් විය.

Read More

නියෝජ්‍ය පොලිස්පතිවරුන්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්, පොලිස් අධිකාරීවරුන් හා සහකාරපොලිස් අධිකාරීවරුන් යන පොලීසියේ ඉහළම නිලධාරීන් 32කට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ.

Read More

කූඨ ලෙස සකස් කළ ව්‍යාජ ඉන්දීය ගමන් බලපත්‍ර භාවිතා කරමින් අබුඩාබි නුවර ඔස්සේ ඉතාලිය වෙත පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණයන් දෙදෙනෙකු 06/25 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ ( Imigration and Emigration Boarder Surveillance Unit ) නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

Read More

ජනාධීපති පොදු සමාව අවභාවිතා කර ඇති බන්ධනගාර දෙපාර්තමේන්තුව සාමාන්‍ය සිරකරුවන් පමණක් නොව මිනීමැරුම් චෝදනා ලැබ වරදකරුවන් පවා නිදහස් කර යවා ඇතැයි නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් සුහර්ශී හේරත් මහත්මිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මියටූ ඊයේ(25) දැනුම් දුන්නාය.

Read More

ගැටලු හතරක් මුල් කර ගනිමින් අද( 26දා) උදේ 8.00 සිට පැය 48 ක කාලයක් අසනීප නිවාඩු වාර්තා කර සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් සිදුකරන බව සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ වෘත්තීය සංගමය සඳහන් කරයි.

Read More

විදිවල සිගමනේ යෙදවිම, භාණ්ඩ අළෙවියේ යෙදවිම සහ ගෘහස්ථ සේවය ඇතුළු අන්තරයකාරි රැකියාවල ළමුන් යෙදවිමට අදාල නීති ලබන මස 01 වන දින සිට දැඩි ලෙස ක්‍රියාත්මක කිරිමට රජය තිරණය කර තිබේ.

Read More

සෑම වසරකම ජුලි මස 01 දා සිදුකිරීමට නියමිත බස් ගාස්තු සංශෝධනයට සමගාමීව ලබන ජුලි 01 දා බස් ගාස්තු සියයට 2කින් අඩු කිරීමට රජය යෝජනා කර තිබේ.

Read More

අධිවේගී මාර්ග මෙහෙයුම් සඳහා නව අධි සුඛෝපභෝගී බස් රථ 200ක් ප්‍රසම්පාදනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය මීට සුලු මොහොතකට පෙර නිමාවට පත්විය.

Read More

පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කර ඇතැයි කියන විෂමාචාර සහ සිය ධුරයේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ පරීක්ෂණ කමිටුව ඉදිරියේ වගඋත්තරකාර පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සාක්ෂි ලැයිස්තුවේ සාක්ෂිකරුවන් සාක්ෂි ලබාදීම අද (25) අවසන් විය.

Read More

මින්නේරිය, ගිරිතලේ, ගල්ඔය, හුරුළුවැව හා රාජාංගනය යන වාරි යෝජනා ක්‍රම ප්‍රතිසංස්කරණය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

වැඩතහනමට ලක්ව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා යළිත්එළැඹෙන ජූලි 9 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (25දා) නියෝග කළේය.

Read More

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ මැදපෙරදිග යුද ගැටුම් පැති කිහිපයකින් ශ්‍රී ලංකාවට බලපාන බවයි. මේ හේතුවෙන් ලෝකයේ තෙල්මිල ඉහළ යාමේ අවධානමක් ඇති බවත්, විදෙස් ප්‍රේෂණවලට යම් බලපෑමක් එල්ල විය හැකි බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

Read More

අනුරාධපුර දිස්‍ත්‍රික්කයේ පොල් වගාවට බලපා ඇති මයිටා හානිය මර්ධනය කිරීමේ උපදේශන වැඩසටනක් හා පොල් වගාකරුවන්ට විලෝපීය මයිටාවන් ලබාදීම අද (25දා) තෝරාගත් ප්‍රදේශ කීපයකදී පොල් වගාකිරීමේ මණ්ඩලය මගින් සංවිධානය කර තිබුණි.

Read More

නාවලපිටිය නගර සභාවේ මංගල සභා රැස්විම මධ්‍යම පළාත් පාලන කොමසාරිස් ඒ.එම්.කේ.පී.කේ. චමිලා අතපත්තු මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (25) දින උදෑසන 9:00ට නාවලපිටිය නගර සභා රැස්වීම් ශාලාවේදි පැවැත්විණ.

Read More

ඌව පළාත් සභාව මඟින් 2025 වර්ෂයේ පළාතේ සංවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන එකොළොස් දහස් හයක් වෙන් කර ඇතැයි වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් ඇමති සමන්ත විද්‍යාරත්න මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.