ඉන්දියන් සාගරයේදී ඉරාන යුද නෞකාවකට ටෝර්පිඩෝ ප්‍රහාර එල්ල කර ගිල්වා දැමීම සම්බන්ධයෙන් අමෙරිකා එක්සත් ජනපදය 'දරුණු ලෙස පසුතැවෙනු' ඇති බවට ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි අනතුරු අඟවා තිබෙනවා.
අමෙරිකාව ඉරාන වෙරළේ සිට සැතපුම් 2,000 ක් ඈතින් මුහුදේ දී මහා අපරාධයක් සිදුකර ඇති බවත්, නාවිකයන් 130 කට ආසන්න පිරිසක් රැගත් Iris Dena නෞකාවට ජාත්‍යන්තර මුහුදේ දී කිසිදු අනතුරු ඇඟවීමකින් තොරව ප්‍රහාර එල්ල කර ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
“මා පවසන මේ වදන මතක තබා ගන්න. අමෙරිකාව තමන් විසින් සිදුකළ මේ දෙය ගැන දරුණු ලෙස පසුතැවෙනු ඇති” යැයි ඔහු සිය 'X' පණිවිඩය මගින් පවසා තිබෙනවා. (IJ)