කටුනායක හා මැදපෙරදිග අතර ගුවන් ගමන් 12ක්
කටුනායක ගුවන් තොටුපොළ වෙත 03/05 දින අලුයම 12.00 සිට රාත්‍රී 12.00 දක්වා කාළය තුළ මැදපෙරදිග කළාපයේ ඩුබායි සිට ගුවන් යානා 06 ක් පැමිණ තිබූ අතර තවත් ගුවන් යානා 06 ක් ඩුබායි බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගිය බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .
එහිදී ශ්‍රී ලන්කන් , එමිරේට්ස් , ෆිට්ස් එයාර් සහ ෆ්ලයි ඩුබායි ගුවන් සේවා යානා ඩුබායි සිට ගුවන් මගීන් රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර එම ගුවන් යානා පසුව කටුනායක ගුවන් තොටුපොළෙන් ඩුබායි බලා මගීන් රැගෙන පිටත්ව ගොස් තිබේ .
එසේම ශ්‍රී ලංකාවේ සංචාරය සදහා පැමිණ , යළිත් සිය මව් රට වෙත යාමට නොහැකිව සිටි ඉතාලි ජාතික ගුවන් මගීන් 110 දෙනෙකු රැගෙන යාම සදහා රෝමයේ සිට " නියෝස් ගුවන් සේවයේ "
( Neos Air Line ) විශේෂ ගුවන් යානයක් 03/05 දින උදෑසන 08.41 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අතර එම ගුවන් මගීන් පිරිස රැගෙන උදෑසන 11.10 ට ආපසු මාළදිවයින ඔස්සේ පිටත්ව ගියහ .
මැදපෙරදිග යුධමය වාතාවරණය නිසා අපහසුතාවට පත් වී මෙරට රැදී සිටින විදේශිකයන් වෙනුවෙන් 03/08 දින එංගලන්තයේ ලන්ඩන් නුවර වෙත අතිරේක ගුවන් ගමනක් ශ්‍රී ලන්කන් ගුවන් සේවය විසින් සංවිධානය කර තිබේ .
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1205 දරන එම ගුවන් ගමන 03/08 දින උදෑසන 06.50 ට කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත් වීමට සැළසුම් කර තිබේ .පසුව එම යූ.එල්.- 1206 දරන ගුවන් යානය පස්වරු 03.05 ට එංගලන්තයේ ලන්ඩන් නුවරින් පිටත්වී , එදිනම රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිතය .
මේ පිළිබද වැඩිදුර විස්තර දැනගැනීම සදහා www.srilankan.com හෝ +94744441979 හෝ +9447771979 දුරකථන අංක අමතන ලෙස ශ්‍රී ලන්කන් ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටිති .
එසේම එමිරේට්ස් ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් නැවත දැනුම් දෙන තුරු සීමිත ගුවන් ගමන් කාළසටහනකට අනුව සිය ගුවන් ගමන් සිදු කරන බවත් , මැදපෙරදිග කළාපයේ ගුවන් අවකාශයන් අර්ධ වශයෙන් හෝ විවෘත කළ පසු සිය සුපුරුදු ගුවන් ගමන් කාළසටහන අනුව ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව දන්වා සිටිති .
මේ පිළිබද වැඩිදුර මෙන්ම නවතම යාවත්කාළීන තොරතුරු දැනගැනීම සදහා emirates.com නිල සමාජ මාධ්‍ය ගිණුම වෙත පිවිසෙන ලෙසද එමිරේට්ස් ගුවන් සේවය දැනුම් දී තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
