2025දී වන අලි මරණ වේගයෙන් වැඩි වෙලා
2025 වසර තුළ මෙරට වන අලීන් 455කු මිනිස් ක්‍රියාකාරකම් හා අනෙකුත් හේතුන් මත මරණයට පත්ව ඇති බවත්, ඒ අතර ඇතුන් හත් දෙනෙකු සිටින බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
2024 වර්ෂයට සාපේක්ෂව 2025 වසර තුළ වන අලි මරණ විශාල ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති අතර, 2024 වසරේ වන අලීන් 388කු මරණයට පත්ව තිබිණි.
වෙඩි තැබීමෙන් 79 දෙනෙකු, විදුලි සැර වැදීමෙන් 69 දෙනෙකු, හක්ක පටස් තැබීමෙන් 56 දෙනෙකු, දුම්රිය අනතුරුවලින් 21 දෙනෙකු, මාර්ග අනතුරුවලින් තුන් දෙනෙකු, දියේ ගිලීමෙන් හතර දෙනෙකු, ළිංවලට වැටීමෙන් අට දෙනෙකු, හදිසි අනතුරුවලින් පස් දෙනෙකු, ස්වාභාවික මරණවලින් 10දෙනෙකු, කුණු වීමෙන් 30 දෙනෙකු, විජලනය හේතුවෙන් 20 දෙනෙකු, පණු රෝගවලින් 17 දෙනෙකු, සෙප්ටිසීමියා රෝගයෙන් එක් අයෙකු, වස ශරීර ගත වීමෙන් තුන් දෙනෙකු, ආසාදිත තුවාල හේතුවෙන් හය දෙනෙකු, වෙනත් හේතු මත නව දෙනෙකු සහ හඳුනා නොගත් මරණ ලෙස 114 දෙනෙකු මෙසේ මරණයට පත්ව ඇති බව තොරතුරු දැන ගැනීමේ පනත යටතේ සිදු කරන ලද විමසීමේදී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ (රක්ෂිත ප්‍රදේශ කළමනාකරණ) මංජුල අමරරත්න මහතා පවසයි.
අනුරාධපුර වනජීවී කලාපයේ 93 දෙනෙකු, නැගෙනහිර වනජීවී කලාපයේ 91 දෙනෙකු, පොළොන්නරුව වනජීවී කලාපයේ 82 දෙනෙකු, ඌව වනජීවී කලාපයේ 38 දෙනෙකු, වයඹ වනජීවී කලාපයේ 32 දෙනෙකු, දකුණු වනජීවී කලාපයේ 31 දෙනෙකු, ත්‍රිකුණාමලය වනජීවී කලාපයේ 29 දෙනෙකු, වවුනියාව වනජීවී කලාපයේ 21 දෙනෙකු, මධ්‍යම වනජීවී කලාපයේ 17 දෙනෙකු, පුත්තලම වනජීවී කලාපයේ 17 දෙනෙකු සහ කිලිනොච්චිය වනජීවී කලාපයේ හතර දෙනෙකු ලෙස මෙම වන අලි හා ඇත් මරණ සිදුව ඇති බවද අමරරත්න මහතා සඳහන් කරයි.
වන අලීන් පහරදීමෙන් 2025 වසරේදී මිනිසුන් 160 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, පොළොන්නරුව, අනුරාධපුර සහ නැගෙනහිර වනජීවී කලාප තුළ පමණක් වන අලි පහරදීමෙන් මිනිසුන් 101 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
