මධ්‍යම කදුකර ප්‍රදේශයන්ට පවතින දැඩි වියළි කාලගුණික තත්වයන් මත මාඋස්සා කැලේ හා කාසල්රි ජලාශවල ජල මට්ටම් සිග්‍රයෙන් පහල බැස ඇත.
පවතින වියළි කාලගුණික තත්වයන් මත 05වන දින උදැසන වන විට මාඋස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට අඩි 09යි අගල් 03කින්ද කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට අඩි 16යි අගල් 05කින්ද පහල බැස ඇති බව එම ජලාශ බාර නිලධාරියකු පැවසිය.
මේ වන විට පවතින දැඩි වියළි කාලගුණික තත්වයන් මත සමහර පිරිස් සිදු කරනු ලබන කැලැ ගිනි තැබිම් හේතුවෙන් මෙම ජලාශවලට ජලය සැපයෙන ජල මුලාශ්‍ර සිදි යාමේ තත්වයක් පවතින බවත් එම තත්වයන් මත ඉදිරියේදි මෙම ජලාශවල ජල මට්ටම් තව දුරටත් පහල බැසිමේ අවදානමක් පවතින බවද එම නිලධාරියා පැවසිය.
මේ වන විට මෙම ජලාශවල පවතින ජලය ජල විදුලිය නිපදවිම සදහා අදාල ජල විදුලි බලාගාර වෙත අඛන්ඩව ලබා දිමට පියවර ගන්නා බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.
චන්ද්‍ර සෙල්ලහේවා හැටන්