ශ්‍රී ලංකාවට ඔබ්බෙන් වූ ඉන්දියානු සාගරයේදී විනාශ කළ ඉරාන නෞකාව සම්බන්ධයෙන් ඇමෙරිකා ආරක්ෂක ලේකම් පිට් හෙග්සෙත් අද පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වීය.
ඔහු පැවැසුවේ මෙම ඉරාන නෞකාව ටෝපිඩෝවක් ආධාරයෙන් විනාශ කළ බවයි. කෙසේ වෙතත් මෙම නෞකාවේ තොරතුරු ඔහු හෙළි නොකළේය.
ටෝපිඩෝවක් යනු සබ්මැරීනයකින් හෝ නෞකාවකින් යොමු කරන ලබන මිසයිලයකි. මෙය ජලය මතුපිටින් හෝ ජලය යටින් ගොස් සතුරු ඉලක්ක (නැව් වැනි) වලට පහරදෙයි
