ලෝක රන්මිල පහළ යාම මත මෙරට රත්රං මිල ගණන් රුපියල් 13,000කින් පහළ ගොස් ඇති බව රන් වෙළෙඳපොළ තෙරතුරු පවසයි.
ඒ අනුව අද (04) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළේ "කැරට් 22" රන් පවුමක මිල රුපියල් 376,500ක් දක්වා පහළ ගොස් ඇත.
ඊයේ (03) එය දැක්වුණේ රුපියල් 388,500ක් ලෙසයි.