කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ජෙමී සීඩ්න්ස් පත් කරයි
ශ්‍රී ලංකා ජාතික කාන්තා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩික ජේමි සිඩ්න්ස් පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.
2007 සිට 2011 දක්වා බංග්ලාදේශ ජාතික පිරිමි කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සිඩ්න්ස් සේවය කර ඇති අතර, එය ඔහුගේ ඉහළම ජාත්‍යන්තර පුහුණු අත්දැකීම වෙයි.
3 වන මට්ටමේ සුදුසුකම් ලත් පුහුණුකරුවෙකු වන සිඩ්න්ස්, 2015 සිට 2020 දක්වා දකුණු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ (රෙඩ්බැක්ස්) ප්‍රධාන පුහුණුකරු ලෙසත්, 2011 සිට 2015 දක්වා නවසීලන්තයේ වෙලින්ටන් ෆයර්බර්ඩ්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසත් සේවය කර ඇත.
ඔහුගේ වසරක පත්වීම 2026 මාර්තු 16 වන දින සිට බලාත්මක වේ.
ඕස්ට්‍රේලියාවේ පුළුල් පළමු පෙළ ක්‍රිකට් ජීවිතයක් ගත කළ සහ දකුණු ඕස්ට්‍රේලියාව සහ වික්ටෝරියා යන කණ්ඩායම් දෙකෙහිම නායකත්වය දැරූ සිඩ්න්ස්, ජුනි මාසයේදී එංගලන්තයේ පැවැත්වීමට නියමිත 2026 ICC කාන්තා T20 ලෝක කුසලානය සඳහා සූදානම් වීම සඳහා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම භාර ගනු ඇත.
ඔහුගේ පළමු පැවරුම වනුයේ 2026 අප්‍රේල්-මැයි මාසවල පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරයයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
