saravita-anim2

2026 අප්‍රේල් මස 07 වන අඟහරුවාදා

2026 අප්‍රේල් මස 07 වන අඟහරුවාදා

Latest News - timelapse 6752 hours ago

LATEST

සකුරායි සමාගමේ ප්‍රධානීන් අත්අඩංගුවට

calendar_today 2022 ජන 10 - 20:05 remove_red_eye - 1128  

සකුරායි ගුවන් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂකවරයා සහ එහි ප්‍රධාන ඉංජිනේරුවරයා අද (10දා) කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ කොටස් වෙළෙඳපොළ සමස්ත මිල දර්ශකය බලාපොරොත්තු නොවූ ලෙස අද (10) දිනයේ පහත වැටුණි. කොළඹ කොටස් වෙළෙඳපොළ අද දිනයේ ගණුදෙනු අවසන් වන විට සමස්ත මිල දර්ශකයේ අගය 13,097.18 ක්ව පැවතුණ අතර එය පෙරදිනට සාපේක්‍ෂව ඒකක 183.76 කින් පහළ ගොස් තිබේ.

Read More

ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවික් සඳුදා මෙල්බර්න් හි ටෙනිස් පිටියක සිටින ඡායාරූපයක් ට්වීට් කළේ ඔහු නැවත පුහුණුවීම්වලට පැමිණ ඇති බවට ඉඟි කරමිනි.

Read More

මෙරට ආර්ථිකය ගොඩගැනීම සඳහා චීනයෙන් ලබාගත් ණය ආපසු ගෙවීම ප්‍රතිව්‍යුහගක කිරිමේ හැකියාව කෙරෙහි අවධානය යොමුකරන ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා චීන විදේශ අමාත්‍යවරයාගෙන් කළ ඉල්ලීම ශ්‍රී ලංකාවේ මූල්‍ය වෙළඳපොළට දීපු ඉතාම භයානක රතු එළියක් බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවැසීය

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ප්‍රධාන ආර්ථික විද්‍යාඥයා ලෙස කටයුතු කළ ගීතා ගොපිනාත් වෙනුවට, මෙම මාසයේදී ප්‍රංශයේ උපත ලද ආර්ථික විද්‍යාඥ පියරේ-ඔලිවර් ගොරින්චාස් පත්කර ඇති බව අරමුදල නිවේදනය කරයි.

Read More

ලංකා විදුලි බල මණ්ඩලයට විදුලි කප්පාදුවක් නොමැතිව යා හැකි බවත් විදුලි කප්පාදුවක් කරන්නේ නම් ඒ බව ජනතාව දැනුවත් කරන බවත් අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පැවැසීය. ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද දින (10දා) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

Read More

අමාත්‍යවරයාට සුඵ රෝග ලක්ෂණ පමණක් පවතින අතර, ඔහු ඉරිදා අලුයම සිට ඔහුගේ නිවසේ නිරෝධායනයට ලක්ව සිටින බව ඊශ්‍රායල රජයේ මාධ්‍ය වාර්තා කරයි.

Read More

මේ වසරේදි රජයේ කියන කිසිදු ආයතනයක රැකියාවන් නොදෙන නිසා ආණ්ඩුවේ රැකියා බලාපොරොත්තු නොවී පෞද්ගලික අංශයේ රැකියා සොයා ගන්නා ලෙසත් එයට තමාද උදව් කරන බවත් කම්කරු ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතා බදුල්ලේදි පැවසීය.

Read More

ඉදිරි ජනාධිපතිවරණයේදී ඉදිරිපත් කරන පොදු අපේක්ෂකයා සමගි ජන බලවේගයේ සාමාජිකයෙකු නොවන අයෙකු කිසිසේත් ඉදිරිපත් නොකරන බවත් එම අපේක්ෂකයා අනිවාර්යෙන්ම සමගි ජන බලවේගයේ නායකත්වය තුළින්ඉදිරිපත් කරන බව එම පක්ෂයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පවසයි.

Read More

ජන ජීවිතයට බාධාවක් නොවන අයුරින් විදුලි අර්බුදයට විසඳුම් සෙවීමට කටයුතු කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.

Read More

වැල්ලවත්ත සහ බම්බලපිටිය මුහුදු වෙරළට පිරිමි මළ සිරුරු දෙකක් අද (10දා) ගොඩ ගසා ඇතැයි පොලීසිය කියයි. මළ සිරුරු දෙක හමුවන විට නිරුවත් ව තිබී ඇතැයි පොලිසිය කියයි.

Read More

රුපියල් 5000 දීමනාව පෞද්ගලික අංශයේ සේවකයන්ට ලබාදීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙරට පෞද්ගලික අංශය නියෝජනය කරන ප්‍රධාන සේවා සහ නිෂ්පාදන අංශවල සහ සේව්‍ය සම්මේලනයේ නියෝජිතයන් අද දින(10) සාකච්ඡාවකට කැඳවා තිබුණි.

Read More

මියන්මාරයේ හිටපු නායිකා අවුන් සාන් සුකී තවත් වසර 4ක් සිරගත කිරීමට මියන්මාරයේ හමුදා පාලන අධිකරණය නියෝග කර තිබේ.

Read More

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ඉන්දීය ජාතික ලාල්චාන්ඩ් රාජ්පුට් මහතා ‘කෝවිඩ්’ ආසාදිත බවට තහවුරු වී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය.

Read More

අවුරුදු 130ක් පමණ වන මීටර් 3ක් දිග ගංඟානම් කිඹුලා කිසිම දිනයක මිනිසුන් වෙත අනතුරක් කර නොමැති හෙයින් ජනතාව මෙම කිඹුලාට ආදරය දක්වා තිබේ.

Read More

විදුලිය කැපීම පිළිබඳව තමන්ගෙන් විමසීම් සිදුකළත් ලංකා විදුලි බල මණ්ඩලය පවතින්නේ තම බලශක්ති අමාත්‍යාංශය යටතේ නොවන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

Read More

බණ්ඩාරගම උඳුගොඩ ප්‍රදේශයේ නිවසකට බණ්ඩාරගම ගල්තුඩේ ප්‍රදේශයේ ගෑස් අලෙවි සැලකින් රැගෙන එන ලද නව සංයුතිය අඩංගු බව කියන රතු ලේබලය සහිත ගෑස් සිලින්ඩරයකින් ශබ්දයක් සමඟ ගෑස් පිටතට කාන්දු වන අයුරු දැකගත හැකි විය.

Read More

ජනමත විචාරණයක් පිළිබඳව කථා ඇසෙන බවත් ජනමත විචාරණයක් පවත්වා කාලය දිගු කර ගැනිම කිසි ලෙසකින් වෙන දෙයක් නොවන බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

මෙම පුද්ගලයා ගුවන් තොටුපළ වහලයට නැග ගුවන් තොටුපළෙන් පිටතට දිව යමින් සිටියදී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්, ශ්‍රී ලංකා ගුවන් හමුදා කොමාන්ඩෝ භටයින්, ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් සහ කටුනායක ගුවන් තොටුපළ පොලීසියේ නිලධාරීන් එක්ව සිදු කළ ලුහුබැදීමක ප්‍රතිඵලයක් ලෙස අද (10දා) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පයක් මත ලංකා සතොස අළෙවිසැල් ජාලය හරහා පරිසර හිතකාමී පානීය ජල බෝතල් වෙළෙඳ පොලට හඳුන්වා දෙනු ලැබිණි.

Read More

අඩි හයක ගැඹුරට මහ පොළොවේ වළක් යට වාඩිවී ලෑලි දමා වල සම්පුර්ණයෙන් පස් වසා ඒවට ගින්දර දමා පැයක පමණ කාලයක් වල යට සිටිමින් ලෝක වාර්තාවක් පිහිටුවීමට ඊයේ (09දා) රාත්‍රී දී මාතලේ නගර මධ්‍යයේදී මාතලේ තරුණයෙකුට හැකිවිය.

Read More

මෙරට අවශ්‍යතාව වෙනුවෙන් ඉන්ධන මිලදී ගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක පමණ හිඟයක් තිබෙන බවත්, එම මුදල ලබාදෙන ලෙස අද (10දා) පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඉල්ලීමක් කරන බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.

Read More

අමාත්‍ය මණ්ඩලය වෙනසක් වනවාද නැතිද යන්න තමන් නොදන්නා බවත් එය වෙනස් කිරීම ජනාධිපතිවරයාගේ තීරණයක් බවත් තමන්ට ඒ සම්බන්ධව කලකිරීමක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි

Read More

මෙම සොයාගැනීම් මගින් චීනයේ චැන්ගී-6 සහ චැන්ගී-7 මෙහෙයුම් සඳහා තවත් පහසුවක් වනු ඇති අතර, මිනිසුන් සහිත චන්ද්‍ර මධ්‍යස්ථාන ගොඩනැගීම ඉදිරි දශක කිහිපය තුළ බලාපොරොත්තුවක් බැවින්, චන්ද්‍ර ජල සංචිත පිළිබඳ විමර්ශන වඩාත් අවධානයට ලක්වනු ඇති බවද කියයි.

Read More

බහු දින යාත්‍රාවකින් මුහුදට වැටී පැය 18කට අධික කාලයක් මුහුදේ පා වෙමින් සිටි ධීවරයෙකු නාවික හමුදාව විසින් බේරා ගනී

Read More

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (09) යාපනය නාගදීප පුරාන රජමහා විහාරයට ගොස් ආගමික වතාවත්වෙ නුවෙන් සහභාගී විය.

Read More

ලෝකයේ වැඩිම රෝගීන් සහ මරණ එක්සත් ජනපදයෙන් වාර්තා වන අතර, එය ගෝලීය සමස්ත ආසාදනවලින් 20%ක් සහ ගෝලීය සමස්ත මරණවලින් 15%කට වඩා වැඩිය.

Read More

තලෙයිමන්නාරම සිට කොළඹ දක්වා ධාවනයේ යෙදෙන පෞද්ගලික බස් රථයක ආයුධ දමා තිබෙන පෙට්ටිය තුළ සඟවා රුපියල් ලක්ෂ 50 කට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි එම බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා තලෙයිමන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ තල්දූව මහතා පැවසීය.

Read More

ඉදිරියේදී දිනකට පැය දෙක හමාර බැගින් විදුලිය කප්පාදුවක් සිදුකිරීමට සිදුවිය හැකි බව විදුලි බල මණ්ඩලයේ අභ්‍යන්තර වාර්තා පවසයි.

Read More

කසකස්තානයේ ජනාධිපතිවරයා විසින් නෙරපා හරින ලද නිලධාරීන් හිටපු බුද්ධි අංශ ප්‍රධානී කරීම් මැසිමොව්ගේ නියෝජිතයන් බවද සඳහන් වෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.