saravita-anim2

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

Latest News - timelapse 6521 hours ago

LATEST

ගම්පහ මහ රෝහලේ මහල් තුනක් වසා තිබීම නිසා රෝගීන්ට අපහසුතා

calendar_today 2022 මාර් 01 - 18:12 remove_red_eye - 200  

ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල් ගොඩනැගිල්ලෙහි සිදු කෙරෙමින් පවතින අලුත්වැඩියාවක් හේතුවෙන් වසරකට අධික කාලයක් මහල් තුනක් වසා දමා තිබීම මත ප්‍රධාන ශල්‍යාගාර හයක් ඇතුලු අංශ කිහිපයක්ද වසා තැබීමෙන් රෝගීන්ට මෙන්ම රෝහල් කාර්ය මණ්ඩලයටද අපහසුතාවයක්ව පවතී.

හෙට (02දා) දිනයේදී ශ්‍රී ලංකාව තුළ පැය 7.30ක විදුලිය කප්පාදුවක් සිදුකරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.

Read More

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ අත්හිටවූ අරගලය හෙට (02දා) සිට යලි අරඹන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය පවසයි.

Read More

රුසියා - යුක්රේන යුද්ධයේ ​​පළමු දින පහ තුළ රුසියානු භටයින් 5,710 ක් මිය ගොස් ඇති බව යුක්රේන හමුදා නිලධාරින් ප්‍රකාශ කර ඇතැයි බී.බී.සී. පුවත්සේවය පවසයි.

Read More

මීට වසර 6 කට පමණ පෙර මින්නේරිය පොලීසියේ සේවය කළ පොලිස් සැරයන් වරයෙකුගේ රාජකාරි රිවෝල්වරය අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව එම රිවෝල්වරය සමග සැකකරුවෙකු අද (01දා) අත් අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලොන්නරුව මූලස්ථාන පොලිසියේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරින් පැවසීය.

Read More

අයිඕසී හා සමාන මට්ටමක සිපෙට්කෝ ඉන්ධන මිල ඉහළ ගියත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවන බවත් මගී ප්‍රවාහන බලපත්‍ර ඇති පෞද්ගලික බස් රථ සඳහා ලංගම ඉන්ධන පිරවුම්හල් වලින් ඉන්ධන නිකුත් කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

Read More

දිය නෑම තහනම් කර තිබියදීත් තහනම නෙතෙකා වැල්ලවාය ඇල්ලේවල දිය ඇල්ලේ දියනෑමට ගිය කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචි තරුණයින් දෙදෙනකු එම දියවලේ ගිලි මියගොස් සිටියදි අද (01දා) දහවල් වැල්ලවාය පොලිසිය බුත්තල කොට්ඨාශ ජිවිතාරක්ෂක කණ්ඩායමේ සහයෙන් සොයා ගන්නාලදි.

Read More

ඇපල් මිදි තිබ්බොත් කයි. නැති වුණොත් සංචාරකයා එයි. සංචාරකයා ඇවිල්ලා පැය හතරක් කලුවරේ නම් ඉන්නේ එයාට රට බලන්න යන්න ඉන්ධන නැතිව හෝටලේට වෙලා තමන්ගේ නිවාඩුව ගත කරන්න වෙනවනම් ඒ සංචාරකයා ආයේ ලංකාවට එන්නේ නෑ.

Read More

2021 වසරේ රුපියල් මිලියන 600 ක අලෙවි ඉලක්කයක් හඹායමින්, රුපියල් මිලියන 400 ක ඉලක්කයට පහසුවෙන් ළගාවූ රජයේ කර්මාන්ත ශාලාව, 2022 වසරේ අපේක්ෂිත අලෙවි ඉලක්කය වන රුපියල් මිලියන 625 ඉලක්කය, මෙම වසරේ මැද භාගය වනවිට සපුරා ගන්නා බවද රජයේ කර්මාන්තශාලාව පවසයි.

Read More

උඩරට වතුකරයේ හින්දු ජනතාව අද(01දා) දිනට යෙදී තිබුණු මහ ශිව රාත්‍රී දිනය මහත් භක්තියෙන් යුතුව සමරනු ලැබීය.

Read More

ආණමඩුව සමුපකාර ඉන්ධන හලින් ඩිසල් ලබා ගැනිමේදි පැමිණි පිරිස් අතර ඇතිවු නොසන්සුන්තාවය පාලනය කිරීමට අද (01දා) පොලිසිය යෙදවිමට කටයුතු කර තිබුණි.

Read More

යුක්රේනය ආක්‍රමණය කිරීම සඳහා රුසියාව සිය සිය හමුදාවෙන් සියයට 75ක් යොදවා ඇති බව විශේෂඥයෙක් පවසයි. ඒ අනුව සිසයට 40ක්ව තිබූ අගය දෙගුණයකට ආසන්න ප්‍රමාණයකින් ඔවුන් වැඩිකර තිබේ.

Read More

කිසියම් පිරිසක් තමා පැහැර ගෙන ගොස් සිර කර ගෙන සිටින බවට දුරකථන ඇමතුම් ලබා දෙමින්, සූක්ෂම ලෙස තම පියාගෙන් රුපියල් ලක්ෂ 15 ක කප්පම් මුදලක් ගෙන, එම මුදල තම පෙම්වතාට ලබා දීමට ගිය දියණියක් සහ එය සැලසුම් කල ඇගේ පෙම්වතා ඊයේ (28දා) පොලිස් භාරයට ගත් බව අනුරාධපුර පොලිසිය පවසයි.

Read More

“මෙතන කවුරුත් අපි පරදිනවා කියලා කියන්නේවත් අඬන්නේවත් නැහැ. මෙතන ඉන්න හැමෝම විශ්වාස කරනවා අපි දිනනවා කියලා. ඒ සියල්ල කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණි. ඉතින් මේ මහා ජනකාය ඇත්තටම සටන් කරන්න ලෑස්ති වෙලා ඉන්නවා දැක්කම මට හරිම සතුටුයි. තමන්ගේ රට වෙනුවෙන් සටන් කරන්න ලෑස්තියි. අපි මේ යුද්ධයේ ජයග්‍රහණය ගැන කිසිම සැකයක් නැහැ,’’

Read More

කළුතර, පානදුර, ගම්පහ, මීගමුව පොලිස් කොට්ඨාශවල පූර්ණකාලීන ප්‍රජාපොලිස්කරණය සඳහා නිලධාරීන් 357ක් යෙදවීම අද (01දා) ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැතියේය.

Read More

යාපනය උතුරු මුහුදු සීමාවේ පිහිටි කච්චතිව් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික දේව මෙහෙය වෙනුවෙන් සහභාගීවන බැතිමතුන් 100 කට පමණ සීමා කිරීමට රාජ්‍ය නිලධාරීන් සහ ආරක්ෂක අංශ තීරණය කොට ඇත.

Read More

මෙරට රැඳි සිටින රුසියානු හා යුක්රේන සංචාරකයන් සදහා ගාස්තු අය කිරිමකින් තොරව තවත් මාස 02 ක කාලයක් සදහා වීසා කාලසීමාව දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය පළ වේ. සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා විසින් ඊයේ (28දා) පැවති කැබිනට් මණ්ඩලයට මෙම යෝජනාව ඉදිරිපත් කළේය.

Read More

හබරන හතරැස්කොටුව තලපත් කන්ද දුම්රිය නඩත්තු ඒකකය අසලදි අද (01දා) අලුයම පොලොන්නරුව සිට කොළඹ බලා ධාවනය වු නගරාන්තර සිඝ්‍රගාමි දුම්රියේ ගැටී කුරු අලියෙකු මියගොස් තිබේ.

Read More

පසුගිය පැය 72ක කාලය තුළදී රුසියාවේ හා බෙලරුසියාවේ වෙබ් අඩවි 1500කට වැඩි ප්‍රමාණයකට සයිබර් ප්‍රහාර එල්ල කළ බව ලෝක ප්‍රකට Anonymous හැකර්වරුන් පසුවයි. ඔවුන්ගේ ෆේ්ස්බුක් ගිණුමෙන් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.

Read More

මොනරාගල-පොතුවිල් මාර්ගයේ සිරිගල කාර්මික විද්‍යාලය ඉදිරිපිටදී අද (01දා) අළුයම සිදුවූ රිය අනතුරකින් ලොරි සහායකවරයෙකු මියගොස් ඇතැයි මොනරාගල පොලීසිය පවසයි.

Read More

2‍021/2022 වී වගා හානි සඳහා වන්දි ගෙවීමේදී එම වන්දි ගෙවීම උපරිම අක්කර 05ක් සඳහා පමණක් ගොවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.මෙහිදී වී කිලෝවක් සඳහා රුපියල් 25ක දිරි දීමනාවක් ලබාදීමට නියමිතය.

Read More

යුක්රේනයේ හමුදා කඳවුරට එල්ල වූ රුසියානු කාලතුවක්කු ප්‍රහාරයකින් අවම වශයෙන් සොල්දාදුවන් 70 දෙනෙකු මිය ගිය බව යුක්රේන නිලධාරීන් තහවුරු කර තිබේ.

Read More

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක කවුන්සිලයේ රුසියානු සභාපතිත්වය අවසන් වී තිබේ. මාසයක කාලයක් සඳහා රටවල් අතර මෙම සභාපතිත්වය මාරුවන අතර පෙබරවාරි මාසයේදී එහි සභාපතිත්වය රුසියාවට හිමිවිය.

Read More

ඇඹිලිපිටිය කඩදාසි කම්හලෙහි නිෂ්පාදන කටයුතු රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රමවේදය යටතේ නැවත ආරම්භ කරන බව රජය පවසයි.මේ සඳහා වන කැබිනට් පත්‍රිකාවක් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් ඉදිරිපත් කර ඇති අතර එයට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

මාර්තු 01 දා සිට මාර්තු 31 දා දක්වා වන සෞඛ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබේ.

Read More

බන්ධනාගාර ගත කර ඇති රන්ජන් රාමනායක මහතා සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කොමිෂම හමුවේ කරුණු දැක්වීමට සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු හා මනූෂ නානායක්කාර මහතා තීරණය කර තිබේ.

Read More

2022-02-15 සිට 2022-10-14 දක්වා මාස 8ක කාලයක් සඳහා පෙට්‍රල් බැරල් මිලියන 1.8ක් ආනයනය කිරීමේ දිගුකාලීන කොන්ත්‍රාත්තුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ OQ Trading Limited වෙත ප්‍රදානය කිරිමට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.මේ අනුව 92 unl බැරල් මිලියන 1.8ක් ආනයනය කිරීමට නියමිතය.

Read More

රුපියල් කෝටි 09 ක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 02 යි ග්‍රෑම් 532 ක් බරැති මත්ද්‍රව්‍ය තොගයක් ඉතියෝපියාවේ සිට ශ්‍රී ලංකාවට රැගෙන එමින් තිබූ කාන්තාවක සමග අත් අඩංගුවට ගැනීමට රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් සමත් වී ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ( නීති කටයුතු ) සුදත්ත සිල්වා මහතා ප්‍රකාශ කළේය.

Read More

පාස්කු ප්‍රහාරයේ සත්‍ය හෙළි කරගැනීමට හා වින්දිතයන්ට යුක්තිය ඉටුකර ගැනීම ශ්‍රී ලංකාව තුළදී කොතෙක් දුරට සාර්ථක කරගැනීමට හැකිවේ දැයි සැකයක් මතුව ඇති බැවින්, ඒ සඳහා ජාත්‍යන්තරයේ සහාය ලබාගැනීමේ අවශ්‍යතාව පිළිබඳ කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් පාප්තුමන් වෙත කරණු දැක්වූ බව කොළඹ සහායක රදගුරු, අතිඋතුම් ජේ.ඩී. ඇන්තනී හිමිපාණෝ පැවසූ

Read More

යුක්රේනයේ කියෙව් අගනුවර දක්වා ගමන් කරන රුසියානු යුද වාහන පොලිමක සැටලයිට් ඡායාරූප ජාත්‍යන්තර මාධ්‍ය විසින් වාර්තා කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.