එක්සත් ජනපද ග්ලෝබල් තන්ඩර් හමුදා අභ්‍යාසය අතරතුර, ඇමෙරිකානු උපායමාර්ගික බෝම්බ හෙලන යානා 10ක් බටහිර හා නැගෙනහිර දෙසින් රුසියාවට එරෙහිව න්‍යෂ්ටික අවි දියත් කිරීමට පෙරහුරු කළ බව රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා චෝදනා කරයි.
කැළණි ගං ඉවුරු යා කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට අධි තාක්ෂණික කේබල් මත ඉදිකළ නව කැළණි පාලම (කල්‍යාණි රන් පිවිසුම) අද (24දා) පස්වරුවේදී ජනපති ගෝඨාභය රාජපක්ෂ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධාන්තවයෙන් ජනතා අයිතියට පත්කිරීමට නියමිතව තිබේ.
Read Moreඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් හෙද පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා ඇතුළු වෛද්‍ය නොවන වෘත්තීය සමිති 15ක් ඒකාබද්ධව අද (24) සිට සංකේත වැඩවර්ජනයක නිරතවීමට තීරණය කර තිබේ.
Read Moreමෙම ඛේදවාචකයෙන් කුඩා දරුවෙකුගේ මරණයක් වාර්තා වීමත් සමග මෙසේ මරණ සංඛ්‍යාව මියගොස් ඇති අතර, මියගොස් ඇත්තේ 8 හැවිරිදි පිරිමි දරුවෙකු බව කියයි.
Read Moreවිශ්‍රාමික උසස් පොලිස් නිලධාරියෙකු සිය හෝමාගම ගලවිලවත්ත ශාන්ති මාවතේ නිවස ඉදිරිපිටට එළිය වැටෙන ආකාරයෙන් හොර රහසේ විදුලිය ලබාගෙන තිබිය දී අත්අඩංගුවට ගත් බව හෝමාගම පොලිසිය කියයි.
Read Moreසෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ටෙස්ට් තරගය නැරඹීම සඳහා ක්‍රීඩාංගණයේ ධාරිතාවයෙන් සියයට 50ක පිරිසකට අවස්ථාව හිමිවන බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
Read Moreපිපිරීම් සිදුවන අවස්ථාවේ සේවකයින් 40 දෙනෙකු පමණ එම ස්ථානයේ සිට ඇති බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කළේය.
Read Moreඅණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගැන කතා කළා. අපි දැන් කෙටුම්පතක් සකස් කරගෙන යනවා. ඒක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ඉදිරිපත් කරලා එය සාකච්ඡාවට භාජනය කරනවා. ඒ පිළිබඳ අපි රහසිගතව කටයුතු කරන්නේ නැති බව තමුන්නාන්සේලාට මතක් කරනවා.
Read Moreදක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වූ බස් රථ දෙකක් , අතරමගදී නවතා , එහි රියැදුරන් දෙදෙනා , බස් රථ දෙකට මාරු වීමේ සිද්ධියක් , ඉකුත් 22 දා උදෑසන දක්ෂිණ අධිවේගී මාර්ගයේ කළුතර ප්‍රදේශයෙන් වාර්තා වේ.
Read Moreතුන්වැනි ආසාදන රැල්ලට එරෙහි සටන මධ්‍යයේ, ඔක්තෝබර් අග සිට ඉහළම දෛනික කොවිඩ්-19 ආශ්‍රිත මරණ සංඛ්‍යාවද ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වූයේ, මරණ 21ක් ලෙසිනි.
Read Moreකටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපල පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ දෙවන අදියර ( බී පැකේජය) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් බ්‍රහස්පතින්දා (25) පෙරවරුවේ සුබ මොහොතින් විවෘත කිරීමට නියමිතව තිබේ.
Read Moreකොළඹ නුවර මාර්ගයේ නාය යෑමේ අවදානමට ලක්වී ඇති කඩුගන්නාව ප්‍රදේශය යථා තත්ත්වයට පත්කොට වෙළදසැල් නැවත ඉදිකිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙස ගරු මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ අද (23) පැවති විශේෂ රැස්වීමකදී අදාළ අංශවලට උපදෙස් ලබා දුන්නේය.
Read MoreCDC සිය සංචාරක අනතුරු ඇඟවීම ’’හතරවැනි මට්ටම, ඉතා ඉහළ’’ දක්වා ඉහළ නැංවූ අතර, ඇමෙරිකානුවන්ට මේ කිසිම රටකට සංචාරය කිරීමෙන් වළකින ලෙස නිර්දේශ කර තිබේ.
Read Moreතද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද පවරුවේ නිකුත් කළ මෙම නිවේදනය හෙට පස්වරු 2.30 තෙක් වලංගු වෙයි. නැගෙනහිර, උතරුමැද හා ඌව පළාත්වලටත් මුලතිව්, වව්නියාව හා මාතලේ දිස්ත්‍රික්කවලටත් අදාළ වන පරිදි මෙම නිවේදනය නිකුත් කර තිබේ.
Read Moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීම මත තමා ඇමරිකාවේ තානාපති ධුරයේ වැඩ භාර ගැනීමට කටයුතු කරන බවත් ඒ අනුව ඉදිරි දින කිහිපය ඇතුලත පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා පැවසීය.
Read Moreත්‍රිකුණාමලය කින්නියා කුරුඤ්ඤන්කේනි කලපුවේ පාලම් පාරුවක් පෙරළීමෙන් සිදු වූ අවාසනාවන්ත සිදුවීම පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන්නැයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය අද (23) පෙරවරුවේ පළාත් පාලන කොමසාරිස් එන්.මනිවන්නන් මහතාට නියෝග කළාය.
Read Moreලබන මස ආරම්භවීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග තරගාවලිය හා මේ වන විට ක්‍රියාත්මක ශ්‍රී ලංකා - කොදෙව් ටෙස්ට් තරගාවලිය නැරඹීමට සීමිත ප්‍රේක්ෂක සංඛ්‍යාවකට අවසර ලැබෙන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.
Read Moreපූජ්‍ය අතුරලියේ රතන හිමියන් සහ අලි සබ්රි රහීම් යන මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ඉදිරිපෙළ අසුන්ගෙන ආණ්ඩුවට සහයෝගය පළ කරන බැවින් ඔවුන්ට ආණ්ඩු පක්ෂය පැත්තෙන් අසුන් පනවන ලෙස ඉල්ලීම් කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂමන් කිරිඇල්ල මහතා පැවසීය.
Read Moreත්‍රිකුණාමලය, කින්නියාහා කුරුංඤ්ඤකේනි කලපුවේදී පාලම් පාරුවක් පෙරළීමෙන් සිදුවු අනතුරින් පුද්ගලයන් 6ක් මියගොස් තවත් 20ක් තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.
Read Moreඅද කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්ට බනිනවා. කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්ට බනිනවා. සභාපතිලා එලවනවා. මේවා නාට්ටි. චීන අශුචි නැවට සල්ලි ගෙවන්න අනුමැතිය ගත්තා. නැනෝ යුරියා මඟඩිය තව නැගලා යනවා. අද කෘෂිකර්ම අමාත්‍යාංශය ටොපේ ටොප්.
Read Moreලබන මාසය තුළ ශ්‍රි ලංකාවට නව ගුවන් සමාගම් 04 ක් සෘජු ගුවන් ගමන් ආරම්භ කිරිමට නියමිතව ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. පසුගිය දිනවල නව ගුවන් සමාගම් 04 ක් ශ්‍රී ලංකාවට සෘජු ගුවන් ගමන් ආරම්භ කළ බව ද ඇමතිවරයා සදහන් කරයි.
Read Moreමෙරට ගෑස් සහ ඛණිජ තෙල් කැනීම් කඩිනමින් සිදු කිරීමට හැකිද නැතිනම් ඊළඟ පාරම් පරාවට ඉතුරු කිරීමට කටයුතු කරන්නේද යන්න බලශක්ති අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පැවසීය.
Read Moreඑසේම ගලයිෆොසෙට් තහනම යළි පැනවීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් පැවැසීය.
Read Moreමගේ අතින් කාන්තාවන්ට ඇත්ත වශයෙන්ම අපහාසයක් වෙන විදියට වචනයක් පිට වුනා නම් තමයි මම සමාව ඉල්ලන්න ඕන. මම යහපත් සිතින් කියපු දෙයක්. මම වල් නෑ. අහපු මිනිස්සු වල් වුනාට මට කරන්න දෙයක් නෑ. මම කිව්වේ යහපත් සිතින්. කාන්තාවන් මම අපහසුතාවයට පත් කළේ නෑ. කාන්තාවන් අපහසුතාවයට පත් කර ගන්නේ කාන්තාවන් විසින්. මම බටු ගැන කිව්වම කොහොමද කාන්තාවන්ට අපහස වෙන්නේ. මම කියපු පරුෂ වචනය කටින් කියන්න. මම එදාට පිළිගන්නම්.
Read Moreවනවිට අනතුර හේතුවෙන් ආපදාවට පත් පුද්ගලයින් 17 දෙනෙකු මුදාගැනීමෙන් අනතුරුව රෝහල් ගත කර ඇති අතර, ඉන් පුද්ගලයින් 05 දෙනෙකු ජීවික්‍ෂයට පත්වී ඇත. තවද, අතුරුදන් වී අනෙක් පිරිස් සොයා නාවික හමුදාව මේ වනවිට මෙහෙයුම් සිදුකරමින් පවතී.
Read Moreයාපනයේ පිහිටි ඉන්දීය කොන්සල් ජනරාල් කාර්යාලයේ ප‍්‍රධානී මෙරට ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් රාකේෂ් නට්රාජ් ජයබාස්කරන් මහතා විසින් එල්.ටී.ටී.ඊ. සංවිධානය භාවිත කල පුෂ්පය වන නියගලා මලක් පැළඳ ගනිමින් යාපනයේ මල්පැල් තවානක් විවෘත කිරීමේ සහ පැල බෙදා දීමේ උත්සව අවස්ථාවකට සහභාගි වී තිබේ.
Read Moreවිදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාට කොවිඩ් 19 ආසාදනය වී තිබේ. ඒ අනුව ඔහු මේ වන විට නිරෝධායනයට ලක්වෙමින් සිටින බවද වාර්තා වෙයි.
Read Moreත්‍රිකුණාමලය, කින්නියාහි කුරුංඤ්ඤකේනි කලපුවේ පාරුවක් පෙරලීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් කිහිපදෙනෙක්ක් මිය ගොස් තවත් පුද්ගලයන් කිහිපදෙනෙක් අතුරුදන්ව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා කියයි.
Read Moreසියක් නගර වැඩසටහන යටතේ යෝජිත නගර සංඛ්‍යාව 125ක් දක්වා වැඩිකිරීමටත්, යෝජිත නව ව්‍යාපෘති 25 සඳහා අමතර රුපියල් මිලියන 500ක මුදලක් වෙන් කිරීමටත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යෝජනා කර ඇති බව වාර්තා වෙයි.
Read Moreවසර ගණනාවක අරගලයකින් පසු 2014 වර්ෂයේ ග්ලයිෆොසෙට් ඇතුළු පලිබෝධනාශක 5ක් කෘෂිකාර්මික වකුගඩු රෝගය පැතිර යන පළාත්වල තහනම් කළේය. ඒ තීරණය ගැනීමට අපගේ පර්යේෂණ ද ඉවහල් විය. ඊයේ රාත්‍රී පලිබෝධනාශක රෙජිස්ට්‍රාර් එම තහනම ඉවත් කර ඇත. මෙය අමනෝඥ තීරණයකි.
Read More