saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

Latest News - timelapse 6515 hours ago

LATEST

ජාත්‍යන්තර රෝද පුටු දිනය වෙනුවෙන් රෝද පාද චාරිකාවක්

calendar_today 2022 මාර් 02 - 18:04 remove_red_eye - 143  

ජාත්‍යන්තර රෝද පුටු දිනය වෙනුවෙන් අබාධ සහිත වුවන් පිරිසක් අද ( 02දා) පුත්තලම කලපු තිරයේ සිට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට රෝද පාද චාරිකවක දින නිරත විය.

තම වාහන වලට සහ තම කර්මාන්ත වලට අවශ්‍ය ඉන්ධන ලබාදෙන ලෙස බල කරමින් තලවකැලේ ලිදුල ප්‍රදේශයේ රියදුරන් ඇතුළු ප්‍රදේශවාසින් අද (02දා) දින පස්වරුවේ ලිදුල ප්‍රදේශයේ උද්ඝෝෂණයක නිරත විය.

Read More

ඩීසල් ඉල්ලා ගොඩකවෙල පිරවුම්හලට පැමිණි ප්‍රදේශයේ ජනතාව අද (02දා) ඉන්ධන පිරවුම්හලේ කලමණාකරු සහ සේවකයින් සමග ඇති නොසන්සුන්තාවය පොලිසිය මැදිහත් වී සමථයකට පත්කල බව ගොඩකවෙල පොලිසිය පවසයි.

Read More

මහනුවර මූලස්ථාන පොලිසියේ දූෂණ මර්ධන අංශය මහයියාව නගර සභා ගම්මානයේ සිදුකරන ලද මෙහෙයුමකදී හෙරොයින් මත්කුඩු සමඟ එකම පවුලේ තාත්තා, දූවරුන් දෙදෙනා සහ මාමා අත්අඩංගුවට ගෙන තිබේ .

Read More

කුඹුක්කන ප්‍රදේශයේ සිට මොනරාගලට ධාවනයවෙමින් තිබූ වෑන්රථයක් ඊයේ (01දා) සවස රියදුරුට නින්දයාම නිසා පාරෙන් ඉවතට පෙරළීමෙන් වෑන්රථයේ සිටි කාන්තාවක් බරපතල තුවාල ලබා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබන බැව් මොනරාගල පොලීසිය පවසයි.

Read More

බදුරලිය කෙලින්කන්ද නිවසක් ඉදිරිපිට දී අද (02දා) අලුයම සිදුවූ වෙඩි තැබීමකින් කාන්තාවක් බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි බදුරලිය පොලිසිය පවසයි.

Read More

2020 අගභාගයේ දී විපක්ෂය විසින් යෝජනා කරන ලද පරිදි රට ආර්ථික හා මූල්‍ය කළමනාකරණ අර්බුදයෙන් ගොඩගැනීමට රජය කටයුතු නොකළ හෙයින් ඉන්ධන, විදුලිය හා අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟවී ඩොලර් නැතිව රට බංකොලොත් තත්ත්වයට පත්ව ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පැවසීය.

Read More

පොල්‍ ගෙඩි සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන අපනයන කිරීම තුළින් පසුගිය වසරේදී ඇමරිකානු ‍ඩොලර් මිලියන 850 ක පමණ ආදායමක් උපයා ඇතැයි වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළේය.

Read More

පානදුර ගාලුපාරේ අද (02දා) උදෑසන කුඩා ලොරි රථයක් සහ ත්‍රිරෝද රථයක් ගැටී සිදුවූ රිය අනතුරකින් ත්‍රීරෝද රථ රියදුරු රෝහල් ගතකල බව පානදුර දකුණ පොලීසිය පවසයි .

Read More

ශ්‍රී ලංකාව තුළ වර්තමානයේ ඇති වී තිබෙන විදුලි සහ ඉන්ධන අර්බුදය නිසා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ ඉන් පිටත පිහිටා ඇති කර්මාන්තශාලා බලවත් අපහසුතාවට ලක් වී පවතින හෙයින් මේ පිළිබඳව අදාළ බලධාරීන් දැනුවත් කළද , ඔවුන් ඒ සදහා නිසි විසදුම් ලබා නොදීම නිසා මේ ආකාරයට රජය සහ මහජනතාව දැනුවත් කිරීමට තමන් පියවර ගත් බව නිදහස් වෙළෙඳ කළාප ආයෝජකයන්ගේ සංගමයේ ලේකම් ධම්මික ප්‍රනාන්දු මහතා පැවසීය .

Read More

ඩීසල් නොමැති වීම හේතුවෙන් රන්න වාඩිගල ඉන්ධන පිරවුම්හල අසලදී පාරිභෝගිකයෝ පිරිසක් කොළඹ - කතරගම ප්‍රධාන මාර්ගය අවහිර කරමින් අද (02දා) දහවල් විරෝධතාවයේ නිරත වූහ.

Read More

වයස අවුරුදු හයක සිය දරුවා හැන්දක් රත්කර පිලිස්සූ බව කියන කාන්තාවක් අත්අඩංගුවට ගත් බව කිරුලපන පොලීසිය සඳහන් කරයි.

Read More

ජපාන ස්වයං ආරක්ෂක බලකායට අයත් මුහුදු බෝම්බ ඉවත් කිරීමේ පළමු බලඝණයෙහි නෞකාවක් වන ‘URAGA’ නෞකාව සහ ‘HIRADO’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වූ බව නාවික හමුදාව සඳහන් කරයි.

Read More

වසර හතකට පසුව ලෝක වෙළඳපොළ තුළ බොරතෙල් බැරලයක් සඳහා ඉහළම මිල වාර්තා වී තිබේ. ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් දර්ශකය අනුව ලෝක වෙළඳපොළ තුළ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 110ක් දක්වා වර්ධනය වී තිිබේ.

Read More

විදුලිිය උත්පාදනය සඳහා අවශ්‍ය ඉන්ධන ලබාගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සපයන ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහා භාණ්ඩාගාරයට හා මහ බැංකුවට උපදෙස් දී ඇතැයි ශ්‍රි ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

Read More

පක්ෂයේ තරුණ නිලධාරීන් දූෂණයට එරෙහිව ආරක්ෂණ සීමාවන් උල්ලංඝනය නොකළ යුතු බවත්, පක්ෂයේ නිලධාරීන් ලෙස සාධාරණව, නීත්‍යානුකූලව, අවංකව සහ ජනතාවගේ යහපත සඳහා තම බලය ක්‍රියාත්මක කළ යුතු බව චීන නායකයා උපදෙස් දෙයි.

Read More

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

යුක්රේනය ආක්‍රමණය කිරීීම සම්බන්ධයෙන් රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින්ගේ ගණනය කරීම් වැරදි බව ඇමෙරිකානු ජනපති ජෝ බයිඩන් කියයි

Read More

මුහුණට මුහුණ සාකච්ඡාවක් වෙනුවෙන් යුක්රේන නායක වොල්ඩොමීර් සෙලෙන්ස්කි කොන්දේසි මාලාවක් ඉදිරිපත් කර තිබේ.

Read More

යුක්රේනයේ නවතම සටන්වලදී 250000ක පමණ ජනගහනයක් සහිත යුක්රේනයේ පිහිටි දකුණුදිග නගරයක් වන කෙර්සන් රුසියානු හමුදා අතට පත්ව ඇති බව වාර්තා වේ.

Read More

විදුලි බලාගාරවලට අවශ්‍ය ඉන්ධන තොග නොලැබීම නිසා අද (02දා) දිනයේදී පැය හතහමාරක කාලයක් විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කරයි.

Read More

ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේ එක්සත් ජනපද න්‍යෂ්ටික අවි සඳහා සත්කාරකත්වය සැපයීමට යෝජනා කිරීමෙන් පසුව ඇමෙරිකාවේ න්‍යෂ්ටික ඉතිහාසය ගැඹුරින් මෙනෙහි කරන ලෙස චීනය, ජපානයට සිහිපත් කර දෙයි.

Read More

ආණ්ඩුවට සම්බන්ධ පක්ෂ 11 විසින් සකසන ලද ’’මුළු රටම හරි මඟට’’ ජාතික ප්‍රකාශනය එළිදැක්වීම හෙට (02දා) සවස 3:00ට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, මොනාක් ඉම්පීරියල් ශාලාවේ දී සිදුකිරීමට නියමිතය.

Read More

කෙසේ වෙතත් රුසියාවේ න්‍යෂ්ටික අවි භාවිතයට දෙවියන් වහන්සේ ඉඩ නොදෙනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව පවසමින් රුසියානු ජනාධිපතිවරයාගේ තීරණය ගැන එරට ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු විමතිය දනවන ප්‍රකාශයක් සිදුකර තිබේ.

Read More

රුසියාවේ ගෑස් හා ඉන්ධන ජාත්‍යන්තර වෙළෙඳපොළට නොපැමිණීම හමුවේ අරාබිය දෙසට ලෝකයේ අනෙකුත් රටවල් ඇදී යනවා. මෙතනදි අරාබි රටවල ඉන්ධන ඉල්ලුම ඉහළ යනවා. එම නිසා ඉන්ධන හා ගෑස් මිල තව තවත් ඉහළ යන්න පුළුවන්. 2014න් පසු වැඩිම බොරතෙල් මිල පසුගියදා වාර්තා වුණා. ඒ බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 සීමාව ඉක්මවා යමින්.

Read More

ඔස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කරද්දී, මේ වනවිටත් කොවිඩ්-19 ආසාදිතව සිටි බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජිනගේ තත්ත්වය යහපත් බව විදෙස් වාර්තා පවසයි.

Read More

කෝවිඩ් නිසා රටට අහිමි වූ සියලු දේ නැවත දිනා ගැනීම සඳහා ආණ්ඩුව දෙගුණයක වේගයකින් වැඩකරමින් සිටින බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. ඔහු අවධාරණය කරන්නේ ඉදිරි මාස කිහිපය තුළ රටතුළ පවතින අර්බුද රැසකට විසඳුම් ලැබීම ස්ථිර බවයි.

Read More

වැල්ලවාය ඇල්ලේවල දිය ඇල්ල දෙස් විදෙස් සංචාරකයින්ට සම්පුර්ණයෙන්ම තහනම් කලාපයක් බවට හෙට(02දා) සිට පත්කිරිමට තිරණය කල බව වැල්ලවාය ප්‍රාදේශිය සභාවේ සභාපති ආර් ඩි හරමානිස් මහතා අද පුවත්පතට පැවසීය.

Read More

ජනතාව පෙළෙන තෙල් හා විදුලි අර්බුදයට වහා විසදුම් ලබා දෙන ලෙස සහ ජීවන බර අඩුකරන ලෙසට රජයට බලකිරීමේ උද්ඝෝෂණයක් අද (1දා) සවස යක්කල නගරයේදී පැවැත්විණි.

Read More

ගාල්ල බෙලිගහ හන්දියේ ඉන්ධන පිරවුම්වලට ත්‍රි රෝද රථයකින් පැමිණි හතර දෙනෙක් ඊයේ (28දා) රාත්‍රි පොම්පකරුට පහරදි රුපියල්5500ක් කොල්ලකා ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.