බදුල්ල දුම්රියපොල පාලමට යටින් දිවෙන එම්.ඩී. සුගතදාස මාවතේ දී අද (29දා) ත්රීරෝද රථයක් හා පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටී සිදු වූ අනතුරින් ත්රී රෝද රථයේ ගමන් ගත් පුද්ගලයෙකු තුවාල ලබා ඇති අතර ත්රී රෝද රථයට බරපතල හානි සිදුව ඇතැයි පොලීසිය පවසයි.
මුතියංගණ විහාරස්ථානය දෙසට අධික වේගයෙන් පැමිණී ත්රීරෝද රථය මාර්ගයේ වංගු සහිත ස්ථානයේදී ඉදිරියෙන් පැමිණී බස් රථයේ මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුවූ බව සිද්ධීය දුටුවෝ පවසති.
සිද්ධිය සම්බන්ධයෙන් බදුල්ල පොලීසියේ රථවාහන අංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
මීගහකිවුල එන් කේ නිශ්ශංක
