කොළඹ, පැජට් පාරේ පවතින නිවස හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පැවැරීමට කැබිනට් මණ්ඩලය ගත් තීරණය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.
හිටපු ජනපතිවරයාට පැජට් පාරේ නිවස පැවැරීමට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබේ.