පානදුර, පින්වත්ත ප්‍රදේශයේ සංචාරක හෝටලයක වැසිකිළි වලක් තුල තිබී තරුණ කාන්තාවකගේ මළසිරුරක් අද (29දා) පස්වරුවේ ගොඩගත් බව පින්වත්ත පොලිසිය පවසයි .
පානදුර අතිරේක මහේස්ත්‍රාත් ලහිරු එන් සිල්වා මහතා ඉදිරියේ වැසිකිලි වලේ කොන්ක්‍රීට් පියන විවෘත කිරීමෙන් පසු මළසිරුර හමුවිය.
මෙසේ ගොඩගත් මළසිරුර කඩවත ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි කාන්තාවකගේ බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය සඳහන් කරයි.
පානදුර , පින්වත්ත කීල්ස් නිවාස සංකීර්ණ පාරේ පිහිටා ඇති සංචාරක හෝටලයක වැසිකිලි වලක් තුල කාන්තා මළසිරුරක් ඇති බවට එහි හිමිකරු විසින් කරන ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ කර ඇතැයි පොලිසිය කීය.
වැසිකිළි වලේ තිබී කාන්තා අත් ඔරලෝසුවක් , ජංගම දුරකථන ආරෝපණයක්, උල් පිහියක්, කාන්තා පාවහන් යුගලයක්, උපත් පාලන කොපුවක්, තුවායක්, පාපිස්සක්, සහ රෙදි කැබලි කිහිපයක්ද මළසිරුරට උඩින් තිබී ගොඩගනු ලැබීය.
සිද්ධිය සම්බන්ධයෙන් හෝටලයේ කළමණාකරු සහ හෝටල් සේවකයින් දෙදෙනෙකු අද අලුයම හෝටලයෙන් පලාගොස් සිටී අතර, සේවකයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවත් පලාගොස් සිටින හෝටල් කළමනාකරු සොයා පරීක්ෂණ සිදුකරන බව පොලිසිය කීය.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පිළියන්දල සහ බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචි 40 සහ 45 වියැති පුද්ගලයින් දෙදෙනෙකු බව පොලිසිය කීය.
හෝටල් කළමනාකරු ඇතුළු කිහිප දෙනෙකු ඉකුත් 25 දා මධ්‍යම රාත්‍රි කඩවත ප්‍රදේශයේ සමාජ ශාලාවකට ගොස් ඇති අතර , එහිදී හිතවත් වූ මෙම කාන්තාව මෙම හෝටලයට කැඳවා ගෙන විත් තිබූ බවට මූලික විමර්ශන වලදී අණාවරනය වී ඇතැයි පොලිසිය පවසයි .
එමෙන්ම අදාල කාන්තාව හෝටලයේ ඉහළ මාලයේ 605 අංක දරණ කාමරයේ රඳවා සැකකරුවන් ඇය සමග වරින්වර සමීප සම්බන්ධතා පවත්වා ඇති බවටද හෙලිව ඇතැයිද උසස් පොලිස් නිලධාරීයෙක් කීය.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි .
කළුතර නියෝජ්‍ය පොලිස්පති සරත් කුමාර, පානදුර ජේෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ, සපොඅ නිරෝෂ් ධර්මසේන යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුරංග රණවීර මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක වරුන්වන එච්.එම්.ඩී හේරත් , පෙරේරා , මහ සැරයන් ජයසිංහ , කොස්තාපල්වරුන් වන ජේජීඑස්කේ ජයසිංහ (95643) සහ එම් කේ ඩි දිසානායක යන මහත්වරුන් පරීක්ෂණ පවත්වති .
පානදුර සුමිත් පොතුපිටිය / පානදුර සමන් කාරියවසම් / බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ

