නිවස අසල කපමින් තිබූ පොල්ගසක් ඇඟ මතට කඩාවැටීමෙන් අද (29දා) දහවල් දෙදරු පියෙකු මියගොස් ඇතැයි මොනරාගල පොලීසිය පවසයි. මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ මොනරාගල තිස්සපාර පදිංචි කේ.ඩබ්ලිව්.ආර්.පී ශාන්ත ලංකා (46) නැමති අයෙකි.
නිවස අසල පොල්ගසක් කපන විටදී ඒ අසලට ගොස් සිටියදී පොල්ගස වැටී ගසේ කොටසක් ඔහුගේ ඇඟේ හැපී ඇත.
සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ ඔහු මොනරාගල දිස්ත්රික් මහ රෝහලට ඇතුලත් කරන විටදී මියගොස් සිටි බව රෝහල් ප්රකාශකයෙක් පැවසීය.
මොනරාගල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
මොනරාගල සුමනසිරි ගුණතිලක