ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක මූල්‍ය පහසුකමක් ඉල්ලා ඇති බව අභ්‍යන්තර වාර්තා උපුටා දක්වමින් ඩෙිලි මිරර් පුවත්සේවය තොරතුරු වාර්තා කරයි.
දෙරට අතර මුදල් හුවමාරු ගිවිසුමක් ලෙස මෙම මූල්‍ය පහසුකම ලබාගැනීමට නියමිතය. මීට පෙරද මෙවැනිම ආකාරයේ මූල්‍ය පහසුකමක් ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් ලබාග්තේය. ශ්‍රී ලංකාව මේ වන විට ඉතිහාසයේ දරුණුම ආර්ථික අර්බුදයට මුහුණ දෙමින් සිටියි.