පානදුර සංචාරක හෝටලයක් තුලදී තරුණ කාන්තාවක ඝාතනය කොට වැසිකිළි වලක් තුල දමා ඇති බවට ලද පැමිණිල්ලක් ඔස්සේ පින්වත්ත පොලිසිය අද (29දා) පරීක්ෂණ ආරම්භ කර තිබේ.
පානදුර , පින්වත්ත කීල්ස් නිවාස සංකීර්ණ පාරේ පිහිටා ඇති සංචාරක හෝටලයේ වැසිකිලි වලක් තුල කාන්තා මළසිරුර ඇති බවට එහි හිමිකරු විසින් කරන ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලිසිය කීය.
අදාල කාන්තාව කඩුවෙල ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි කාන්තාවක බවට මෙතෙක් ලද තොරතුරු අනුව හෙලිව ඇතැයි පොලිසිය පවසයි .
හෝටල් කළමනාකරු විසින් දින කිහිපයකට පෙර කොළඹ ප්‍රදේශයේ සිට පානදුර හෝටලයට අදාල තරුණිය කැටුව විත් එහි තවත් සේවකයින් දෙදෙනෙකු සමග අවස්ථා කිහිපයකදී සමීප සම්බන්ධතා පවත්වා ඇති බවටද තොරතුරු ලැබී ඇතැයිද පරීක්ෂණ පවත්වන නිලධාරීයෙක් පැවසීය.
පානදුර අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් පරීක්ෂණ සිදුකල අතර , පානදුර මහේස්ත්‍රාත් තුමාගේ අධීක්ෂණය යටතේ සිරුර ගොඩගැනීමට සිදුකිරීමට නියමිත බව පොලිසිය කීය.
කළුතර නියෝජ්‍ය පොලිස්පති සරත් කුමාර , පානදුර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ , සහකාර පොලිස් අධිකාරී නිරෝෂ් ධර්මසේන යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුරංග රණවීර මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක හේරත්, උප පොලිස් පරීක්ෂක පෙරේරා , මහ සැරයන් ජයසිංහ , කොස්තාපල්වරුන් වන ජේ.ජී.එස්.කේ.ජයසිංහ (95643) සහ එම්,කේ.ඩි.ඩී. දිසානායක (97896) පරීක්ෂණ සිදුකරති.
පානදුර සුමිත් පොතුපිටිය / පානදුර සමන් කාරියවසම්


