ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු වූමියගිය රත්මලාන රෝහාගේ මත්ද්‍රව්‍ය ජාවාරම් හා මනුෂ්‍ය ඝාතන හා මංකොල්ලකෑම් වල නිරත වූ රෝහාගේ සමීපතමයකුවන "බායිවත්තේ රොෂාන්" නමැති ජාවාරම්කරු අද (29දා) වන දින බායිවත්ත ප්‍රදේශයේදී හෙරෝයින් මිලිග්‍රෑම් 5100 ක් , අයිෂ් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 25000ක් සමග ගල්කිස්ස දූෂණ මර්දන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.
අත්අඩංගුවට පත් සැකකරු රත්මලාන බායිවත්ත පදිංචි වයස අවුරුදු (41) ක් වන අතර ,මියගිය රෝහාගේ මත්ද්‍රව්‍ය ජාවාරම් වලට හා මනුෂ්‍ය ඝාතන වලටද සම්බන්ධවීම නිසා මේ වනවිට විවිධ අධිකරණවල නඩු රාශියක් විභාග වෙමින් පවතින බවත් පොලීසිය කියයි .
සැකකරු මෙම ජාවාරම් සඳහා ප්‍රදේශවාසීන් භීතියට පත්කරමින් තම ජාවාරම් සදහා බලහත්කාරයෙන් සම්බන්ධ කර ගනිමින් මෙම ජාවාරම සිදුකරගන ගොස් ඇති බවත් අනාවරණයවී ඇතැයිද පොලීසිය පැවසීය.
දෙහිවල එච් එම් ධර්මපාල