රට තුළ උද්ගතව ඇති බලශක්ති අර්බුදය හමුවේ සංචාරක කර්මාන්තය බාධාවකින් තොරව පවත්වාගෙන යාම සදහා සුදුසු වැඩපිළිවෙලක අවශ්‍යතාව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා කැබිනට් මණ්ඩලයට පෙන්වා දෙයි.
සංචාරක කර්මාන්තයේ පුනර්ජීවනය මැයෙන් අමාත්‍ය මණ්ඩල සටහනක් ඊයේ (28) පැවති කැබිනට් මණ්ඩල සාකච්ඡාවට ඉදිරිපත් කරමින් ඇමතිවරයා අවධාරණය කර ඇත්තේ බලශක්ති අර්බුදය හමුවේ සංචාරක කර්මාන්තයට බලපෑමක් නොවීම රජය විසින් තහවුරු කළ යුතු බවයි.
මෙරටට සංචාරකයන්ගේ පැමිණීම් වල සැලකිය යුතු වර්ධනයක් මේ වන විට පෙන්නුම් කරන බව පවසන ඇමතිවරයා මේ වසරේ පෙරේදා වන විට සංචාරකයන් 274,211 දෙනෙක් මෙරටට පැමිණ ඇති බවය ද කියා සිටි. මාර්තු 1 සිට මාර්තු 27 වන දා තෙක් මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 95,377 කි. මේ වසර අවසාන වන විට සංචාරක කර්මාන්තය හරහා ඇමෙරිකානු ඩොලර් බිලියන 2.4 ක ආදායමක් අපේක්ෂා කරන බව ත් මෙම ඉලක්කය කරා ලගාවීම දැනට ශ්‍රී ලංකාව මුහුණ දෙන විදේශ විනිමය අර්බුදය ජය ගැනීමට හේතුවනු ඇති බවත් ඇමතිවරයා කැබිනට් මණ්ඩලය හමුවේ සදහන් කර තිබේ.
මෙරට සංචාරක ව්‍යාපාරයේ ප්‍රධානතම සංචාරක මුලාශ්‍ර වෙළදපල දෙකක් වන රුසියාව හා යුක්රේනය අතර උද්ගතව පවතින යුධමය තත්ත්වය හේතුවෙන් මෙරට සංචාරක පැමිණිම් කෙරෙහි ඇති විය හැකි අහිතකර බලපෑම වළක්වා ගැනීම සදහා ඉදිරි ග්‍රීෂ්ම සෘතු සංචාරක සමය ඉලක්ක කර ගනිමින් ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, මැදපෙරදිග රටවල්, එක්සත් ජනපදය සහ කැනඩාව ඉලක්ක කර ගත් සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් සැලසුම් කර ඇති බව ද ඇමතිවරයා කැබිනට් මණ්ඩලයට වැඩිදුරටත් දැනුම් දි තිබේ.