UN සාම සාධක භටයන් ගිය හෙලිකොප්ටරය කඩා වැටේ
කොංගෝ ප්රජාතන්ත්රවාදී ජනරජයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම වන MONUSCO හි සාමාජිකයින් 08දෙනෙකු රුවන්ඩා දේශසීමාව ආසන්නයේදී ඔවුන්ගේ හෙලිකොප්ටරය කඩා වැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
M23 (මාර්ච් 23) ව්‍යාපාරයේ සටන්කාමීන් හෙලිකොප්ටරයට වෙඩි තැබූ බවට කොංගෝ හමුදාව චෝදනා කළ අතර, එය කැරලිකරුවන් ප්‍රතික්ෂේප කළේය.
MONUSCO පැවසුවේ අංක 810 සහිත පකිස්ථාන හෙලිකොප්ටරය රුවන්ඩා සහ උගන්ඩා දේශසීමා ආසන්නයේ උතුරු කිවු පළාතේ ඔත්තු බැලීමේ ගුවන් ගමනක යෙදී සිටි බවයි. කොංගෝ හමුදා ප්‍රකාශක ජෙනරාල් සිල්වේන්ගේ ප්‍රකාශයකට අනුව එය අඟහරුවාදා M23 ලෙස හැඳින්වෙන කැරලිකරුවන් විසින් පාලනය කරන ලද භූමි ප්‍රදේශයට කඩා වැටී තිබුණි.
පකිස්තාන කාර්ය මණ්ඩල සාමාජිකයින් 06දෙනාට අමතරව, හෙලිකොප්ටරයේ රුසියානු ලුතිනන් කර්නල් ඇලෙක්සි මිස්යුරා සහ සර්බියානු ලුතිනන් කර්නල් ඩෙජන් ස්ටැනොජෙවික් යන දෙදෙනාම ගමන් කරමින් සිට ඇත. අනතුරින් 08දෙනාම මිය ගිය බව පකිස්තාන හමුදාවද තහවුරු කර ඇත.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

