බැසිල් කෝසම් සුල්තානා වගේ
ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රි ධූර, ජනාධිපති ධූරය පමණක් නොව රාජ්‍යයේ කිසිම වැදගත් තනතුරක් දැරීමට ඇති අවස්ථාව අහිමි කරමින් විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් අප්‍රේල් මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවැසීය.
“ඒ අනුව ද්විත්ව පුරවැසියන්ට මහජන නියෝජිත තනතුරක්, ආණ්ඩුවේ තනතුරක් වගේම අධිකරණයේ විනිසුරු තනතුරක් ද දරන්න බැරි වෙනවා.” යැයි ඔහු පැවැසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උදය ගම්මන්පිල මහතා,
“රාජපක්ෂවරුන්ගෙන් ගිලිහෙන ඡන්ද කෙමනක් අටවලා එකතු කරලා මී ලඟ ජනපතිවරණයේ දී ඒ ඡන්ද නාමල් රාජපක්ෂ මැතිතුමාගේ මැතිවරණ ගිණුමකට ඒකතුකිරීමේ කුමන්ත්රණයක අපි යෙදී සිටින බවට විපක්ෂයේ සමහරු චෝදනා කරනවා.
නාමල් ඇමතිතුමාගේ අවාසනාවට මේ ආණ්ඩුව අවසන් වන දාට රාජපක්ෂවරුන්ගේ දේශපාලනය විතරක් නොවේ වසර 80ක් පුරාවට තිබුණු පවුල් පාලනය ද අවසන් වෙනවා. අපිට නැවත රාජපක්ෂවරයෙකු රජ කිරීමේ උවමනාවක් නෑ. මොන රාජපක්ෂ රජ වුණත් අවසානයේ රට පාලනය කරන්නේ බැසිල් රාජපක්ෂ. බැසිල්ගේ කල් ක්‍රියාව දුටු විට අපට සිහිපත් වෙන්නේ ඔටෝමාන් අධිරාජ්‍යයේ සිටි කෝසම් සුල්තානා.
මහද්විප තුනක් පුරා පැතිරුණු දැවැන්ත ඔටෝමාන් අධිරාජ්‍යයේ 17වන සියවසේ සිටි අහ්මත් සුල්තාන්ගේ සුරූපි බිරිඳ තමයි කෝසම් සුල්තානා. අධිරජුගේ පිටුපස සිට රට පාලනය කලේ කෝසම්. ඔහු මිය ගියාට පස්සේ සිය පුතු මුරාද් සිහසුනේ තබාගෙන ඇය රට පාලනය කලා. මවගේ ඇඟිලි ගැසීම් වලට මුරාද් විරුද්ධ වුණාම ඔහු මරා දමා බාල පුතු ඊබ්‍රහිම් රජ පුටුවේ තබා රූකඩ නැටවීම ඉදිරියට ගෙන ගියා.
අවසානයේ සිය මවගේ රූකඩ නැටවීමට ඊබ්‍රහිම් විරුද්ධ වුණාම සිය පුතු මරා දමා සිය මුණුබුරු මෙහෙමද් රජ කිරීමට කෝසම් කටයුතු කළා. ඒදා තුර්කියේ කවුරුන් රජ වුණත් රට පාලනය කරන්නේ කෝසම් වගේ ලංකාවේ මොන රාජපක්ෂ රජ වුණත් අන්තිමට රට පාලනය කරන්නේ බැසිල්.”
popular news
-
Samantha Wednesday, 30 March 2022 07:31 AM
ක්‍රියාවෙන් ඔප්පු කරන තුරු ඔබ ගැන විශ්වාසයක් නැහැ මහත්තයෝ එතකොට බලමුකෝ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

