පොලීසියේ රාජකාරියට බාධා කිරීමේ චෝදනා යටතේ ඉන්ධන පෝලිමක රැදී සිටි පුද්ගයෙක් හබරණ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
හබරණ නගරයේ ඉන්ධන හලකින් ඉන්ධන ලබාගැනීමට පැමිණි වාහන කිහිපයක් හබරණ - ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගය අවහිර ලෙස නවතා තැබීම හේතුවෙන් මෙම සිදුවීම වාර්තා වෙයි.
එම වාහන ඉවත් කරන ලෙසට පොලීසිය සඳහන් කර ඇති අවස්ථාවක එක් පුද්ගලයෙක් බලහත්කාරයෙන් ඉන්ධන හලට ඇතුළත් කිරීමට උත්සාහ දරා තිබේ.මේ අවස්ථාවේදී අදාළ සැකකරු පොලිස් නිලධාරන් අසභ්‍ය වචනයෙන් බැන තර්ජනය කරමින් රාජකාරියට බාධාකර තිබේ.
ඒ අනුව පොලිස් නිලධාරීන්ට සාපරාධී බලහත්කාරය පෑම සම්බන්ධයෙන් කැබ් රථ රියදුරු කැබ් රථයද සමග අත්අඩංගුවට ගෙන තිබේ.