ආණ්ඩුවට එරෙහිව දීපව්‍යාප්ත වැඩවර්ජනයට සහය දෙමින් අද (28දා) දින උතුරු පළාතේද දෛනික සියලුම කටයුතු අඩාල වී ඇති අයුරු දක්නට ලැබුණි.
මහින්ද රාජපක්ෂ මහතා බහුතර බලයක් සහිතව මහජන ඡන්දයෙන් පිහිට වූ ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා බවත් ජනතා පරිමාධිපත්‍යට හිස නමන්නේ නම් අග්‍රාමාත්‍යවරයා එම ධුරයේ අඛණ්ඩව කටයුතු කළ යුතු බවත් මෙහිදී ප්‍රාදේශීය සභා සභාපතිවරු සහ නගරාධිපතිවරු ඒකමතිකව කියා සිටියහ. ඒ අනුව අදාළ තීන්දුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී දැනුම් දීමට ද ප්‍රාදේශීය සභා සභාපතිවරු සහ නගරාධිපතිවරු මෙහිදී තීන්දු කළහ.
Read Moreබීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය චීනයේ ශ්‍රී ලංකා වෙළෙඳ හා ආර්ථික සහයෝගීතා සංගමය (CSLATE) සහ සීමාසහිත බීජිං වන්හොංග්තායි ටෙක්නොලොජි සමූහ සමාගම සමඟ එක්ව චාඕයැංග් දිස්ත්‍රික්කයේ සුප්‍රකට ෂීයු ෂුයි වීදියේ දී ශ්‍රී ලංකාවේ ප්‍රථම තේ වෙළඳසැල සහ සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත කළේ ය.
Read Moreජිවන වියදම ඉහල යාම, ඉන්ධන මිල ඉහල යාම, ගෑස් මිල ඉහල දැමිම , ගෑස් හිගය සහ විදුලි කප්පාදුවට එරෙහිව රජයේ සහ පෞද්ගලික අංශයේ වෘත්තිය සමිති ගණනාවක් එක්ව අද (28) දින ආරම්භ කර ඇති වැඩ වර් ජනයට සහයෝගය දක්වා නුවරඑලිය දිස්ත්‍රික්කයේ සියළුම නගර වල වෙලදසැල් වසා දැමිමට වෙලද සංගම් පියවර ගෙන ඇත.
Read More“රජයට විරුද්ධව විරෝධතා දැක්වීමට ජනතාවගෙන් කොටසක් කාර් ය බහුල වෙලා. විරෝධතා පෙළපාලියක් නිසා විපක්ෂය කාර් ය බහුලයි. පාලක සන්ධානය බෙදිලා බහුතරය හදා ගන්න හදනවා. නමුත් රට පීඩාවෙන් පෙළෙනවා. අපි අර් බුද විසඳා ගැනිමට පියවර ගෙන තිබෙනවද? එසේත් නොමැතිනම් විවිධ න්‍යාය පත්‍ර නිසා කාර්ය බහුල වෙලාද?”
Read Moreරාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තිය සමිති ක්‍රියාත්මක කරන වැඩ වර්ජනය හේතුවෙන් රාජයේ කටයුුතු බොහෝ සෙයින් අඩාල වී තිබේ.
Read Moreජනප්‍රිය රංගන ශිල්පිනියක වූ අනුෂා සොනාලි මිය ගොස් තිබේ.
Read Moreඑහි ඉහළම ඇස්තමේන්තුව වූ ඇ.ඩො.මිලියන 48ක් ඉක්මවා ගිය, ඇ.ඩො.මිලියන 57.5ක ජයග්‍රාහී ලංසුව දුරකථනය හරහා පැමිණියේ නිර්නාමික ගැනුම්කරුවෙකුගෙනි.
Read More2021 වසරේ හදිසි තීරණයක් ලෙස පොහොර සහ කෘෂි රසායන ආනයන මුළුමනින්ම තහනම් කිරීමත්, පවතින විදේශ විනිමය අර්බුධයත් නිසා රටේ සමස්ත ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව දැඩි අවදානමක.
Read Moreබීජිං සිය අභ්‍යවකාශ ව්‍යාපාර සඳහා වොෂිංටනය සමග සහයෝගයෙන් කටයුතු නොකරන බවට එක්සත් ජනපද නියෝජිතායතනයේ ප්‍රධානියා චෝදනා කරයි.
Read Moreපළිබෝධනාශක, වල්නාශක සහ දිලීරනාශක ආනයනය සඳහා පනවා තිබූ සලාක ක්‍රමය අද (27දා) සිට අහෝසි කළ බව කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය.
Read Moreපාකිස්ථානයේ, කරච්චි නුවර චීන භාෂා ඉගෙනුම් මධ්‍යස්ථානයක් අසලදී පසුගිය 26දා එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් චීන ජාතික ගුරුවරුන් තිදෙනෙකු සහ රියදුරෙකු ජීවිතක්ෂයට පත්වූහ.
Read Moreරාජ්‍ය දැව සංස්ථාව 2021 වර්ෂය සඳහා මෙහෙයුම් ලාභය ලෙස රුපියල් බිලියන 1.4ක් (1,496,155,864) ලබා තිබියදී රාජ්‍ය භාණ්ඩාගාරය වෙත සම්ප්‍රේෂණය කර ඇත්තේ, රුපියල් මිලියන 100ක් පමණක් වීම පිළිබඳ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) විශේෂ අවධානය යොමුව තිබේ.
Read Moreඇමෙරිකා එක්සත් ජනපද ඩොලරය 2002 අගභාගයේ සිට නොපැමිණි ඉහළම මට්ටමක් කරා පැමිණ ඇති අතර, යුරේ අප්‍රේල් මාසයේ මේ දක්වා 4.6%කින් පහත වැටී, 2015 මුල සිට එහි නරකම මාසය කරා ගමන් කරමින් සිටියි.
Read Moreතම ආරක්ෂාව සඳහා වෙනත් කිසිදු රටකට නොමැති අවි භාවිත කිරීමට රුසියාව පසුබට නොවන බවට ජනපති අනතුරු අඟවයි.
Read Moreරාජ්‍ය සේවක, අර්ධ රාජ්‍ය සේවක ඇතුළු වෘත්තීය සමිති හෙට දිනයේ පැවැත්වීමට නියමිත එක්දින වැඩ වර්ජනය සඳහා පොදු ප්‍රවාහන සේවා එක් නොවන බව ප්‍රවාශන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.
Read Moreඉපැරැණි නටබුන් රාශියක් පිහිටි හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කිරලාගල පුරා විද්‍යා රක්ෂිතයට මායිම්ව පිහිටි අක්කර දහයකට ආසන්න කැලෑ කොටස කිසියම් පිරිසක් විසින් යාන්ත්‍රික කියත් උපයෝගි කර ගනිමින් විනාශ කර දමා ඇතැයි ප්‍රදේශවාසීහු අද (27දා) පැවසූහ.
Read Moreවිදුලි ජනනය සඳහා අවශ්‍ය ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා හෙට (28දා) සිට 30 වැනිදා දක්වා දින තුන තුළ දිනකට පැය 3 යි විනාඩි 20 ක් බැගින් විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි.
Read Moreශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය ජය ගැනීම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා විශේෂ වැඩසටහනක් අද (27දා) පස්වරුවේ පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.
Read Moreඑක පවුලක් මාස 30කින් රටක් බංකලොත් කළ හැටි යනුවෙන් ලෝකප්‍රකට බ්ලූම්බර් ග් සඟරාව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාර් තාවක් ප්‍රකාශයට පත්කර තිබේ.
Read Moreමෙරට තුළ ශල්‍යකර්ම සිදු කිරීම සඳහා අවශ්‍ය වන ඖෂධ, වකුගඩු රෝගීන්, ජලභීතිකා රෝගය ඇතුළු රෝග ගණනාවක් සඳහා අත්‍යවශ්‍ය ඖෂධ නොමැතිවීම හේතුවෙන් සහ පරිත්‍යාගශීලීන් ලබා දෙන රුධිරය එකතු කර ගැනීමට සඳහා ලේ බැංකුව සතුව ප්ලාස්ටික් කවර, පරීක්ෂණ කට්ටල නොමැතිවීම හේතුවෙන් මෙරට ජනතාවගේ ජීවිත මේ වන විට බරපතළ අවදානමකට ලක්ව ඇති බව ඖෂධවේදීන්ගේ සංගමය පෙන්වා දෙති.
Read Moreජනපතිවරයා තමන්ට ඉල්ලා අස්වෙන්න යැයි සඳහන් කළ නොමැති බවත් ඔහු එසේ නොකියනු ඇතැයි තමන්ට විශ්වාස බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
Read Moreරජයේ රක්ෂිත තුලින් කැපූ බව කියන රුපියල් එක්කෝටි හැටලක්ෂයකට ආසන්න වටිනාකමකින් යුත් ඖෂධීය සුදු හඳුන් ශාක කොටස් තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනකු උඩවලව කොළඹගේආර ප්‍රදේශයේදී විශේෂ කාර්යය බළකා නිලධාරින් විසින් ඊයේ (26දා) අත්අඩංගුවට ගනු ලැබූහ.
Read Moreගොවින්ට වගාවන්ට පොහොර ඇතුළු අවශ්‍ය දෑ ලබා දෙන්නැයි බල කරමින් පුත්තලම හා ඉගිනිමිටිය ප්‍රදේශීය වාරි මාර්ග කාර්යාල වල හා පුත්තලම වාරි මාර්ග අධ්‍යක්ෂ කාර්යාල වල නිළධාරින් පිරිසක් අද (27දා) පුත්තලම නගරයේදී විරෝධතාවක නිරත වුහ.
Read Moreකොළඹ ගොල්ෆේස් පිටියේ පැවැත්වෙන අරගලයට සහාය දැක්විම සඳහා රත්මලාන දුම්රිය ධාවනාගාරයේ සේවකයන්ද එක්ව තිබේ. ඔවුන් අරගල භූමියට යෑමට පෙර කොළඹ කොටුව දුම්රිය ස්ථානය තුළ විරෝධතාවක් සංවිධානය කර තිබුණි.
Read Moreශ්‍රී ලංකා නාවික හමුදාව මුලතිව්, නයාරු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මගින් බෝයාවක් ආධාරයෙන් මුහුදු පතුලේ සඟවා තිබූ වෝටර් ජෙල් නැමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරූ 04ක් සමඟ තවත් පුපුරණද්‍රව්‍ය ආම්පන්න කිහිපයක් ඊයේ (26දා) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
Read Moreසමගි බල පා ගමනේ දෙවැනි දිනය වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට මෙන්ම කැබිනට් මණ්ඩලයට ඉවත් වන ලෙස දන්වා ඇති බව සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
Read Moreමේ වසරේදී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 2.6 කින් පමණ වර්ධනය වෙනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශයට පත්කර තිබේ. ලෝක ආර්ථික දැක්ම ඉදිරිපත් කරමින් ඔවුන් මේ බව සඳහන් කරයි.
Read Moreශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජුලී චන්ග් මහත්මිය ඇතුලු දූත පිරිස යාපනයේදී ඊයේ (26දා) යුද සමයේදී වලදමන ලද බිම්බෝම්බ ඉවත්කිරීමේ කටයුතු පිළිබඳ සොයා බැලීමට මුහමාලෙයි ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය
Read Moreරඹුක්කන වෙඩි තැබීමට සම්බන්ධව ඒ සඳහා අණදුන් හා සම්බන්ධ සියලුම පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.
Read More