හිටපු අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා ඇතුළු 16 දෙනෙකු ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගර ගත කර සිටි සැකකරුවන් දෙදෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමහට ගම්පහ මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර මහතා විසින් අද (01) නියෝග කළේය.
එලෙස නිදොස් කොට ඇත්තේ, හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු වන සෙල්වරාජා කිරුබාකරන් සහ එවකට හිටපු සහකාර පොලිස් අධිකාරි සෙනරත් ලක්ෂ්මන් කුරේ යන අයයි.
2008 වර්ෂයේ අප්‍රේල් මස 6 වෙනිදා වැලිවේරියේදී මරාගෙන මැරෙන බෝම්බකරුවකු යොදවා හිටපු ඇමැති ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා ඇතුළු 16 දෙනකු ඝාතනය කිරීම සහ තවත් පුද්ගලයන් 84 දෙනෙකු ඝාතනය කිරීමට තැත්කිරීම, එම ඝාතන කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා 31ක් යටතේ නීතිපතිවරයා විසින් හිටපු කොටි සාමාජිකයකු වන සෙල්වරාජා කිරුබාකරන් ගම්පහ එවකට හිටපු සහකාර පොලිස් අධිකාරි සෙනරත් ලක්ෂ්මන් කුරේට එරෙහිව චෝදනා ගොනු කර තිබුණි.