කෑගල්ල කළුගල්ල මාවතේ පිහිටි දේශපාලන පක්ෂ කාර්යාලයක පිටුපස කාමරයක කාන්තාවක් වෙඩි වැදී මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 36ක් වන හබුදුගල, කෑගල්ල පදිංචිකාරියකි. මෙම කාන්තාව අද පෙරවරුවේ කාර්යාලයට පැමිණ තිබේ. ඇය එම කාර්යාලයේ සේවය කරන සේවිකාවක් බවට අණාවරණය වී තිබේ.
මෙය වෙඩි තබා ගැනීමක්ද එසේත් නොමැතිනම් වෙඩි තැබීමක්ද යන්න පිළිබඳව පරීක්ෂණ කරන බවද පොලීසිය කියයි.