ඉන්ධනහලට කඩා වැදුණ ජීප් රිය
සුඛෝපභෝගී ජීප් රථයක් මාදිවෙල ඉන්ධනහලට කඩා වැදීමෙන් සිදුවූ අනතුරකින් පොම්පකරුට බරපතළ තුවාල සිදුවී ත්රී රෝද රථයකට සහ යතුරු පැදි දෙකකට, ඉන්ධනහලේ පොම්පයකට සහ ඉන්ධනහලට බරපතල අලාභ සිදු වී ඇතැයි මිරිහාන පොලිසිය කියයි.
තුවාල ලද පොම්පකරු කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇත. සුඛෝපභෝගී ජීප් රථය පැදවූ රියදුරා පිටකෝට්ටේ දෙස සිට පැමිණ තලවතුගොඩ මාර්ගයෙන් මාදිවෙල ඉන්ධන පිරවුම්හල වෙත පැමිණීමේදී ඔහුට වාහනයේ තිරිංග වෙනුවට ඇක්සලේටරය පෑගී ඉන්ධන හල වෙත එකවරම කඩා වැදී ඉන්ධන පොම්පයේ ගැටී ඒ අසල සිටි පොම්පකරුවත් යටකරගෙන ත්රිරෝද රථයක සහ යතුරුපැදි දෙක ගැටි අනතුරුව ඉන්ධනහලේ කාර්යාලය වෙත කඩා වැදී නතර වී තිබූ බව පොලිසිය කියයි.
සුඛෝපභෝගී ජීප් රථය පැදවූ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. මිරිහාන මූලස්ථාන ප්රධාන පොලිස් පරීක්ෂක මංජුල තුෂාර මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක චමින්ද ගජනායක මහතා පරීක්ෂණ පවත්වයි.





popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

