මධ්‍යම කඳුකරයට ඇද හැලෙන වර්ෂාව නිසා පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු 3ක් ඊයේ (01) දින විවෘත කර ඇති බව වේල්ල භාර ඉංජිනේරු කාර්යාලය සඳහන් කළේය.
ඒ අනුව පොල්ගොල්ල වේල්ලේ වාන් දොරටු තුනක් අඩි 1 අගල් 6 (1'.6") බැගින් ඉහළට ඔසවා ඇති අතර මේ හේතුවෙන් ජලාශය පහළට මහවැලි ගඟට තත්පරයට ඝණ අඩි 4,500 ක ජල ප්‍රමාණයක් නිකුත්කරන බව ද පැවසීය.
මේ හේතුවෙන් පොල්ගොල්ල වේල්ලට පහළින් වික්ටෝරියා ජලාශය දක්වා මහවැලි ගඟ භාවිතා කරන ජනතාව අවධානයෙන් සිටීය යුතු බව එම කාර්යාලය වැඩිදුරටත් පැවැසීය.
දුම්බර- එම්. ආර්. ප්‍රදීප්