ලබන සතියේ සිට ගෑස් සිලින්ඩර මිලදී ගැනීමේදී පිටරට සිටින අයට ඩොලර් ගෙවා ලංකාවේ ගෑස් ඇණවුම් කර තමන්ගේ හිතවතුන්ට ලබාදීමේ ක්‍රමයක් හඳුන්වාදෙන බව ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවැසීය.
එහිදී එම ඇණවුම් සුරක්ෂිත කිරීමටත් සමාගමට අවශ්‍ය ඩොලර් සංචිතයක් පවත්වාගෙන යාම මේ හරහා බලාපොරොත්තුවන බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.
මේ වෙනුවෙන් ගෙවීමට සිදුවන්නේ ඩොලර් 15ක් වැනි ඉතා අඩු මුදලක් බවත් මුදිත පීරිස් මහතා වැඩිදුරටත් පැවැසීය.