ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයට පිවිසීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ඒ බංග්ලාදේශයට එරෙහිව පැවැති තරගය කඩුලු 2කින් ජය ගනිමිනි.
තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 7කට ලකුණු 183ක් රැස්කිරීමට සමත්විය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19.2කදී කඩුලු 8ක් දැවී ලකුණු 184ක් රැස්කරමින් තරගය ජය ගැනීමට සමත්විය.
ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදීමට කුසල් මෙන්ඩිස් (60) හා පැතුම් නිශ්ශංක (20) සමත්වූහ. ඔවුන් දෙදෙනා ලකුණු 45ක් පළමු කඩුල්ල වෙනුවෙන් රැස්කළ අතර ඉන් අනතුරුව ලකුණු 32ක් තුළ පැතුම්, චරිත්, ධනුෂ්ක හා භානුක දැවී ගියේය.
කෙසේ වෙතත් නායක දසුන් ශානක (45) කුසල් සමග එක්ව ශ්‍රී ලංකා ඉනිම ලකුණු 133ක් දක්වා රැගෙන ගියේය. පසුව ලකුණු 131දී පස්වැනි කඩුල්ල ලෙස කුසල් මෙන්ඩිස්, ලකුණු 139දී හයවැනි කඩුල්ල ලෙස වනිඳු හසරංග, ලකුණු 158දී දසුන් ශානකත් දැවී ගියේය.
ඒ වන ශ්‍රී ලංකාවට පන්දුවාර 2.1කදී ජයගහ්රහණය සඳහා ලකුණු 26ක් අවශ්‍යව තිබුණි. කෙසේ වෙතත් චාමික කරුණාරත්න (16 (පන්දු 10)) අසිත ප්‍රනාන්දු (10 (පන්දු 3)) ශ්‍රී ලංකාව වෙත තරගයේ ජයග්‍රහණය ගෙන ආවේය.