නාදුනන පිරිමි මළ සිරුරක් 1 දින අලුයම මුතුපන්තිය වෙරළට ගොඩ ගසා තිබු බව ආරච්චිකට්ටුව පොලිසිය කියයි. පොලිසිය පවසන්නේ මළ සිරුර මුහුදේ පාවි විත් මුතුපන්තිය වෙරළ තිරයට ගොඩ ගසා ඇති බවත් අවුරුදු 35 ක පමන තරුණ අයකුගේ සිරුරක් බවට සැක කරන බවයි.
එසේ වම් අතේ පච්චා කෙටු සලකුණක් ඇති බවත් ඩෙනිම් කලිසමක් ඇද උඩුකය නිරාවරණය වෙමින් තිබු බවයි. උසින් අඩි පහයි අගල් දෙකකට ආසන්න බවත් පවසන පොලිසිය මෙම සිරුරේ හිස මස් දියවි හෝ මසුන් ආහාරයට ගන්නට ඇති බවත් පොලිසිය කියයි.
අදාල සිරුර හලාවත මහ රෝහලේ මෘත ශරීරා ගාරයේ තැම්පත් කිරීමට නියමිතව තිබුණි.
ආරච්චිකට්ටුව පොලිස්ථානාධිපති පොලිස් පරික්ෂක පී.වි.අරුණ ශාන්ත මහතා ඇතුළු නිළධාරින් පිරිසක් පරික්ෂණ ආරම්භ කර තිබේ .