චීන පොහොර නැවට ගෙවූ මුදල් හෝ රසායනික පොහොර ලබා ගැනීමට උත්සාහ කළත් එම ක්‍රියාමාර්ග දෙකම අසාර්ථක වී ඇති බවත් ඒ අනුව ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නීතිපති උපදෙස් ලැබී ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසීය.අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
"චීන පොහොර නැව සම්බන්ධයෙන් අමාත්‍යාංශයේ ලේකම්තුමාගේ සභාපතිත්වයෙන් වෙනම කමිටුවක් පත්කර තිබෙනවා. ඒ වෙනුවෙන් සාකච්ඡා කරගෙන යනවා. මගෙත් පළමු උත්සාහය වුණේ ඒ මුදල් නැවත ලබාගන්න.
ඩොලර් මිලියන 6.9ක් වගේ තිබෙනවා. ඒක බැරිවුණොත් රසායනික පොහොර ගන්න උත්සාහයක් දරුවා. දෙකම අසාර්ථක වෙලා තිබෙනවා.
මේ සම්බන්ධව ගත යුතු පියවර ගැන නීතිපතිවරයාගේ උපදෙස් ලැබිලා තිබෙනවා. නුදුරේදීම ක්‍රියාමාර්ගයක් ගන්නවා. ඒ මගේ මැදිහත්විමක් නෙමෙයි. අපි ඒ සම්බන්ධව විශේෂඥ කමිටුවක් පත්කර තිබෙනවා."