අපි වගේ අය පාර්ලිමේන්තු යැව්වට ජනතාවත් වග කියන්න ඕන
රට වැටී තිබෙන තත්ත්වයට දේශපාලකයන්, නිලධාරින් මෙන්ම ජනතාවත් වග කිව යුතුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්රී කුමාර වෙල්ගම මහතා පැවැසීය. පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
“අපි වුණත් මාටියා ගහන්නේ නෑනේ අහුවෙන්න. කොම්පැණියක වුණත් ඉන්කම් ටැක්ස්වලට වංගු ගහනවනේ.දැන් කියනවා රාජපක්ෂ කෙනෙක් කෝටි 40ක ගෙයක් ගත්තා කියලා. කවුරුහරි මේක හොයන්න. මේක හෙව්වොත් රාජපක්ෂලා සදහටම ගෙදර යවනවා.
රට වැටිලා තියෙන තත්ත්වයෙන් ගොඩ ගන්න අපි සියලු දෙනාම ස්වෙච්ඡාවෙන් වැඩ කළ යුතුයි. අපි සියලු දෙනාම රජයට සහාය දිය යුතුයි.
මම ආණ්ඩුවට යන්නේ නෑ ඒක මතක තියා ගන්න. නැතනම් හිතයි මූ මේ ඇමතිකමක් ගන්න හදනවා කියලා. මට ඇමතිකම් ඕන නෑ. අවුරුදු 7ක් ඇමතිකම් නැතිව හිටියේ.
ඇමතිකම් නැතිවුණත් අපේ පැත්තේ මිනිස්සු මට මහ ඇමතිට වගේ සලකන්නේ. අපි ඔක්කොම එකතුවෙලා මේ දැල උස්සමු.
දේශපාකයෝ විතරක් නෙමෙයි මේකට නිලධාරිනුත් වග කියන්න ඕන. මේකට මහ ජනතාවත් වග කියන්න ඕන. මොකද මහ ජනතාව වග කින්න ඕන අපි අගේ අය පාර්ලිමේන්තුවට යැව්වට. ඊළඟ පාර වෙනස් කරන්න ඕන. ඒ වෙනස් කරන්නෙත් නෑ.”
popular news
-
Kumar Thursday, 01 September 2022 04:09 PM
obthumage kathawa sumpurnayen aththa. ethkota janathawa iwathadamu kenek mathriwenna agamathiwela janadhipathiwenna ewithraknowe kisidu distirictyaka wada nokara pitaratin paminiayta manthrikam labagatha haki wena ekata wagakiyanne kavuda. JR jayawardenada?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

