ආණ්ඩුවේ සිට ස්වාධීන වූ පාර්ලිමේන්තු මන්ත්රි ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ කථාව පාර්ලිමේන්තුවේ අද දින අයවැය විවාදයෙන් ඉවත් කර තිබේ.
මේ පිළිබඳව සිය ට්විටර් ගිණුමෙන් අදහස් දක්වමින් ඔහු ප්රකාශ කලේ ආණ්ඩු පක්ෂ ප්රධාන සංවිධායක කාර්යාලය විසින් මෙසේ තමන්ගේ නම කථික ලැයිස්තුවෙන් ඉවත් කර ඇති බවයි.
"පාර්ලිමේන්තුව තුල ස්වාධීන වූ මන්ත්රීවරුන් වෙනුවෙන් මෙතෙක් වෙන් කල කාලයට ගරු නොකොට ආන්ඩු පක්ෂ ප්රධාන සංවිධායක කාර්යාලය මගේ නම අද දින අයවැය විවාදයේ කථික ලැයිස්තුවෙන් ඉවත් කොට ඇත. විවාදය අවසන් වූ පසු පුවත්පත් නිවේදන හරහා කරුණු පැහැදිලි කිරීමෙන් පලක් නැත."