හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන සෙනසුරාදා යළි දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වෙයි. ජනපතිවරයාට එරෙහිව ජුලි 9 දා එල්ල වූ දැඩි ජනතා විරෝධය හමුවේ හිටපු ජනපතිවරයා මුලින්ම මාලදිවයිනටත් ඉන් අනතුරුව සිංගප්පූරුවටත් පිටත්ව ගියේය.
සිංගප්පූරුවේ සිටිමින් ජනපතිවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත්කළ අතර එහි රැදී සිටිය හැකි කාලය ඉක්මවා යාම හේතුවෙන් ඔහු සිංගප්පූරුවෙන් තායිලන්තය බලා පිටත්ව ගියේය.
හිටපු ජනපතිවරයාට නැවත ලංකාවට පැමිණීම සඳහා අවශ්‍ය පහසුකම් සලසන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනපතිවරයාගෙන් කළ ඉල්ලිමට අනුව මෙසේ ඔහුට නැවත ලංකාවට පැමිණීමට අවශ්‍ය පහසුකම් සලසා දී තිබේ.