ශ්රී ලංකාවේ ජල සම්පාදන මණ්ඩලය, විදුලි බල මණ්ඩලය හා ඛණිජ තෙල් සංස්ථාව පිළිබඳව සොයා බලනවානම් ශ්රී ලංකා මහ බැංකුව පිළිබඳවද සොයා බැලිය යුතු බව පාර්ලිමේ්නතු මන්ත්රී වජිර අබේවර්ධන මහතා පවසයි.
පාර්ලිමේන්තුවේදී අයවැය විවාදයට එක්වෙමින් ඔහු ප්රකාශ කළේ ශ්රී ලංකාව ණය පැහැර හරින බවට ප්රකාශ කළේ කවුරුන් අනුමැතිය ඇතිවද යන්න පිළිබඳව විමසා බැලිය යුතු බවයි.
මේ සඳහා මන්ත්රීවරුන්ගේ වගකීමක් නොමැති බවද ඔහු ප්රකාශ කළේය. " කාගෙන්ද ඇහුවේ, කවුද මෙහෙම කළේ, පාර්ලිමේන්තුවයි අනුමැතිය දිය යුත්තේ " යැයි ඔහු පැවැසීය.