saravita-anim2

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 5464 hours ago

LATEST

ඉරානය චීනය සමග එක්ව ඒකාබද්ධ ඉලක්ක පෙන්වයි

calendar_today 2022 අප්‍රේ 28 - 22:52 remove_red_eye - 473  

එක්සත් ජනපද ඒකපාර්ශ්විකත්වයට මුහුණ දීමට සහ ස්ථාවරත්වය සහ නීතියේ ආධිපත්‍ය ඇති කිරීමට සමාන අදහස් ඇති බලවතුන්ගේ උත්සාහයේ කොටසක් ලෙස ඉරානය චීනය සමග ඇති සබඳතා දකින බව ජනාධිපති ඊබ්‍රහිම් රයිසි පවසා තිබේ.

රඹුක්කනදී විරෝධතායේදි පොලිස් වෙඩි පහරින් පුද්ගලයෙක් මිය යෑමේ සිද්ධියට අදාලව කෑගල්ල කොට්ඨාස භාර හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න මහතා සහ පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් දෙපාර්තමේන්තුව පවසයි.

Read More

විශේෂඥයන් පවසන්නේ කොවිඩ්-19 එන්නත බූස්ටර් මාත්‍රාවක් මගින් කොරෝනා වෛරසයට එරෙහිව වැඩි ප්‍රතිදේහ නිපදවීම වෙනුවෙන් මතක සෛල සක්‍රීය කිරීමෙන් ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කරන බවයි.

Read More

ඇමෙරිකානු ඩොලර් මිලියන 120ක ආයෝජනයක් යටතේ මෙගාවොට් 100ක සූර්ය බලශක්ති උත්පාදනයක් ජාතික විදුබල පද්ධතියට එක් කිරීම සඳහා වූ ගිවිසුම් 02ක් අත්සන් තැබීමට නැගෙනහිර පළාත් සභාව කටයුතු කර තිබේ.

Read More

400 පමණ සහභාගි වූවන් පාරිසරික අභියෝග, ආහාර සුරක්ෂිතතාව සහ බලශක්තිය ආමන්ත්‍රණය කිරීම සඳහා ’බිග් ඩේටා’ භාවිතය පිළිබඳව සාකච්ඡා කළහ.

Read More

මම එදා ජනාධිපති වේදිකාවේ කිව්වා මේ රටේ ජාතික ආරක්ෂාවයි හොරු අල්ලන වැඩසටහනයි අපි බාර දෙන්නේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මැතිතුමාට කියලා. ඒකේ ආයේ කිසි වෙනසක් කරන්නේ නෑ. හොඳට මතක තියාගන්න හොඳ ගමනක් යන කොටත් එක එක අය ඉන්නවා. බොහෝවිට තනි පුද්ගලයන් පවා ඉන්නවා. සමාජ මාධ්‍යවල බොරු දානවා ජනතාව නොමඟ යවලා මේ එක එක ගස්ටන නිර්මාණය කරන්න හදනවා. හොඳට මතක තියාගන්න මේ සජිත් ප්‍රේමදාසව කිසිම කෙනෙක් සමග කොටවන්න කාටවත් බැහැ.

Read More

වැඩ වර්ජනයක් ක්‍රියාත්මක වුවත්, ජනතාවගේ පහසුව සඳහා අද (28දා) බස්රථ ධාවනය කළත්, ලබන 06වැනිදා පැවැත්වෙන හර්තාලයට සහාය පළ කිරීම සඳහා එදිනට බස් රථ සේවයෙන් ඉවත්කර ගැනීමට තීරණය කළ බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

කළුතර උතුර ඉන්ධන පිරවුම්හලේ භූමිතෙල් පෝලිමේ සිටි පුද්ගලයෙකු ඊයේ (28දා) පස්වරුවේ ඇද වැටී ජීවිතක්ෂයට පත්ව ඇතැයි කළුතර උතුර පොලීසිය පවසයි.

Read More

නැගෙනහිර පළාතෙන් ජාතික විදුලි බල පද්ධතියට සූර්ය බලශක්ති උත්පාදනය තුළින් 100MWක් එක් කිරීමට අදාළ ගිවිසුම් දෙකකට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (28දා) ත්‍රිකුණාමලය පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී ගිවිසුම් ගත වීම සිදු විය.

Read More

හපුතලේ නගරයේ අද (28දා) පැවති උද්ඝෝෂණයට සහභාගී වූ වතු කම්කරුවෙකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි හපුතලේ පොලිසිය කියයි.

Read More

ආණ්ඩුවට විරෝධය දක්වා ධීවරයන් පිරිසක් තංගල්ල - කතරගම ප්‍රධාන මාර්ගය අවහිර කරමින් අද (28දා) දහවල් විරෝධතාවක නිරත වූහ.

Read More

තණමල්විල සති පොළ භූමියේදී අද (28දා) දහවල් එක්දරු පියකු තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇතැයි තණමල්විල පොලීසිය පවසයි.

Read More

කළුතර උතුර ඉන්ධන පිරවුම්හලේ භූමිතෙල් පෝලිමේ සිටි පුද්ගලයෙකු අද (28දා) පස්වරුවේ ඇද වැටී මියගොස් ඇතැයි කළුතර උතුර පොලීසිය පවසයි.

Read More

ජනමතයට හිස නොනමන , මිනීමරු ජනපීඩක ආණ්ඩුව පන්නමු ! ජනතා සටන දිනවමු යන්න තේමා කර ගත් දැවැන්ත විරෝධතා උද්ඝෝෂණ ව්‍යාපාරයක් අද (28දා) කටුනායක නිදහස් වෙළෙඳ කලාපය ඉදිරිපිට දී පැවැත්විණි

Read More

දීප ව්‍යාප්තව පැවැති වැඩ වර්ජනයට සහාය දක්වමින් හා ඉන්ධන, ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල මිලඉහල යාමට එරෙහිව සහ ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ඉල්ලා අස්වන ලෙස බල කරමින් තලවකැලේ , ඩයගම, රදැල්ල,කොටගල, දිඹුල හා පතන ප්‍රදේශවල වතු රැසක වතු කම්කරුවන් අද (28දා) විරෝධතාවල නිරතවුහ.

Read More

සාමාන්‍ය පෙළ විභාගය - මැයි 23 දා සිට ජුනි 01 දා දක්වා ශිෂ්‍යත්ව විභාගය - ඔක්තෝබර් 06 උසස් පෙළ විභාගය - ඔක්තෝබර් 17 දා සිට නොවැම්බර් 12 දා දක්වා

Read More

වැඩ වර්ජනයේ අරමුණ තම තමන්ගේ දේශපාලනඥයා සතුටු කරමින් බඩු මිල ඉහල යෑමෙන් පීඩාවට පත්ව සිටින ජනතාව කබලෙන් ලිපට වැට්ටවීම නම් එවැනි වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට තම සංගමය සහය නොදෙන බව රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා අද (28දා) පැවසීය.

Read More

ජනපති ප්‍රමුඛ ආණ්ඩුවට ගෙදර යන්නැයි බල කරමින් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් දැවැන්ත උද්ඝෝෂණයක් අද (28දා) මාතර නගරයේ දී පැවැත්විණි.

Read More

වරාය කටයුතු සුපුරුදු ලෙස සාමාන්‍ය පරිදි සිදුවන බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය ප්‍රසන්ත ජයමාන්න මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් හි පුහුණුකරුවන්ගේ දැඩි වෙනසක් කර තිබේ. මේ අනුව ජාතික පන්දු රැකීමේ පුහුණුකරු ලෙස නෙදර් ලන්ත කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරු ඇන්ටන් රොවුස් පත්කර තිබේ.

Read More

ජනතාවගේ බදු මුදල් හොරා කෑ දූෂිත ආණ්ඩුවට ඉල්ලා අස්වන ලෙසට බල කරමින් අද (28දා) අනුරාධපුරයේ නගරයේ දී දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත් වූහ.

Read More

විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඊයේ (27දා) විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී ඉන්දුනීසියාවේ තානාපති දේවි ගුස්ටිනා ටොබින්ග් මහත්මිය හමුවිය. තානාපතිනිය එහිදී ඉන්දුනීසියානු රජය ශ්‍රී ලංකාවට ලබා දෙන මානුෂීය ආධාර සම්බන්ධයෙන් අමාත්‍යවරයා සමග සාකච්ඡා කළාය.

Read More

ඇමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව රුපියල තවදුරටත් වේගයෙන් අව ප්‍රමාණය වෙමින් පවතී. මේ අනුව අද (28දා) ශ්‍රී ලංකාවේ ඇතැම් වාණිජ බැංකු ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 360ක් දක්වා ඉහළ නැංවිමට කටයුතු කර තිබුණි. එම බැංකුවල ඩොලරයක ගැණුම් මිල රුපියල් 345ක් ලෙස සටහන් කර තිබුණි.

Read More

(VIDEO) ගාලුමුවදොර පිටිය මේ වන විට ක්‍රමයෙන් එකම හිස් ගොඩක් බවට පත්වෙමින් පවතී. විවිධ වෘත්තීය සමිති මෙම අර්ගලයට එක්වුවත් ඔවුන් තම දේශපාලන පක්ෂ මෙම අරගලය වෙනුවෙන් සම්බන්ධ කර ගැනීමට කටයුතු කර නොමැතිවිම කැපී පෙනෙන සිදුවීමක් වෙයි.

Read More

රට පුරා පැවති වැඩවර්ජනය හේතුවෙන් දඹුල්ල නගරයේ පස්වරුව වනවිට දැඩි උණුසුම් තත්ත්වයක් පැවතුණ අතර රාජ්‍ය ආයතන බොහොමයක සේවක සේවිකාවෝ විරෝධතා බැනර් ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණයක නිරත වී අවසානයේ දී පොදු ස්වෙච්චා සංවිධාන ඒකරාශී වී දඹුල්ල නගර මධ්‍යයට සම්බන්ධ වීම විශේෂත්වයකි.

Read More

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) ක්‍රිකට් තරගාවලියට මෙවර ක්‍රීඩාකරන කණ්ඩායම් අතරින් වටිනාම කණ්ඩායම ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් නායක මහේල ජයවර්ධන ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන මුම්බායි ඉන්දියන්ස් බව ෆෝබ්ස් සඟරාව අනාවරණය කර ඇත.

Read More

සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍යතුමා සිය පදවියෙන් ඉවත් නොවන්නේ නම් පසුපෙළ මන්ත්‍රීවරු දසදෙනාගේ කණ්ඩායම ලෙස දැඩි තීන්දුවක් ගැනීමට සිදුවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, බණ්ඩාරගම ආසනයේ ප්‍රධාන සංවිධායක ලලිත් එල්ලාවල මහතා පැවසීය.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිටියදී අයතා ලෙස උපයාගත් රුපියල් මිලියන 30ක මුදලක් ගවර්ස් කෝපරේට් සමාගමේ ආයෝජනය කිරීම තුලින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීම පනත යටතේ වරදක් සිදුකලේ යැයි චෝදනා කොට හිටපු අමාත්‍ය නාමක් රාජපක්ෂ ඇතුළු විත්තිකරුන් හය දෙනෙකුට එරෙහිව නීතීපතිවරයා විසින් ගොනු කල නඩුවේ වැඩිදුර විභාගය සඳහා සැප්තැම්බර් 14 වැනිදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් මහාධිකරණය අද (28) නියම කර තිබේ.

Read More

අන්තර්වාර රජයක් පත්කිරීම සම්බන්ධයෙන් ජනපතිවරයා කැඳවා ඇති සාකච්ඡාව සඳහා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය එක්වන්නේ පසුගියදා අමාත්‍යධුර ලබාදුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරුන් වන සුරේන් රාඝවන් මහතා හා ශාන්ත බණ්ඩාර මහතා එම ධුරවලින් ඉවත් කළහොත් පමණක් බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.

Read More

රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික අංශ සේවකයන් අද දිනයේ පවත්වන වැඩ වර්ජනයට සහාය දක්වමින් ආයෝජන ප්‍රවර්ධන කලාප හා අපනයන සැකසුම් කලාප සේවකයන්ද විරෝධතා සංවිධානය කර තිබේ. මේ අනුව කොග්ගල හා වතුපිටුවල කලාප වල සේවකයන් විරෝධතාවක නිරත වෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.