වැට් බදු ඉහළ දැමීමට සාපේක්ෂව දුම්වැටියක මිලද අද සිට වැඩි කිරීමට දුම්වැටි අලෙවිකරන සමාගම් තිරණය කර තිබේ.
ඒ අනුව කාණ්ඩ හතරක් යටතේ මෙම මිල වැඩිකිරීම සිදුවෙයි. මේ අනුව දුම්වැටියක මිල රුපියල් 3, 5, 10, 15, යන අගයන්ගෙන් ඉහළ දැමීමට තීරණය කර ඇත.
ජනපති රනිල් වික්රමසිංහ මහතා ඉදිරිපත් කළ අතුරු අයවැයෙන් වැට් බදු ප්රතිශතය සියයට 12 සිට සියයට 15 දක්වා වැඩි කළ අතර එය අද සිට ක්රියාත්මක වෙයි.